අගමැතිට - පවුලේ ඥාතීන්ට සෙත් පතා බෝධි පූජා පිංකමක්


(නිමල කොඩිතුවක්කු)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ පවුලේ ඥාතීන්ට සෙත් පැතීමට හා මියගිය ඥාතීන්ට පිං පැමිණවීම වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ශිකව පැවැත්වෙන බෝධි පූජා පිංකමක් අද (11) පැවැත්විණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ආගමික වතාවත්වලද නිරත වූ අතර  ගංගාරාම  විහාරස්ත  ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති පාලටුවේ ජිනරතන හිමියෝ සහ ආචාර්ය පල්ලේගම රතනසාර හිමියෝ ඇතුලු මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු පවුලේ ඥාතීන්ට ආශිර්වාද කළේය.

එහිදී පාලටුවේ ජිනරතන හිමියෝ  ඇතුලු මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු පවුලේ ඥාතීන්ට ආශිර්වාද කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප -  ගයාන් අමරසේකර)