අකුණුසැර වැදී අයෙක් මරුට




 
(අමදෝරු අමරජීව)
 

කන්තලේ සුරියපුර  ප්‍රදේශයේදී අකුණු සැරවැදී  පුද්ගලයකු මියගොස් ඇතැයි  සුරියපුර පොලිසිය කියයි.
 
මෙසේ මියගොස් ඇත්තේ  සුරියපුර ,සමනල පාලම පදිංචි රත්නායක මුදියන්සේලාගේ අබේරත්න නැමැති  අයෙකි.
 
මියගිය අය  තවත් දෙදෙනෙකු සමඟ කුඹුරු යායේ වැඩ කරමින් සිටියදී වර්ෂාව ඇදහැලිමත්  සමඟ එම කටයුතු නවතා පැලට එමින් සිටියදි අකුණ වැදි ඇති අතර එයින් සෙසු දෙදෙනා කම්පනයට පත්වී තිබේ.

පසුව අකුණ වැදුණු පුද්ගලයා කන්තලේ රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබිණි.