(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ, කෙහෙල්ගස්හේන ප්‍රදේශයේ නිවසක මියගිය 82 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් අද (25) තහවුරු වී තිබේ.
අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි මෙම කාන්තාව ඊයේ (24) නිවසේ දී මියයාමෙන් පසුව සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනවිත් පීසීආර් පරීක්ෂණය සඳහා යොමුකළ බවයි.
මෙම නිවසේ කිසිවකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන හෝ ආශ්‍රිතයකු වීමෙන් නිරෝධායනයට හෝ ලක්ව නොසිටි බව ද දැනගන්නට ඇත. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මෙම මරණය ආදාහනය කිරීමේ කටයුතු අද සවස සිදුකිරීමට නියමිත ය.
මෙම මරණයක් සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.