(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දරුණු ලෙස අක්මා අකර්මණය විමටක ලක්ව සිටි නවගත්තේගම මහ අන්දරවැව සිව් හැවිරිදි චාමික හසිත හර්ෂණ දරුවාගේ අක්මා බද්ධය සිදු කිරීම සඳහා ඔහුගේ මව් පියන් හා හය හැවිරිදි සොහොයුරියද සමඟ අද ( 21) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත් විණි.
නවගත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා ආබාධිත රණවිරුවකු වන එච්.එම් .යු .හේරත් මහතාගේ දරුවකු වන චාමික අක්මා රෝගයට ලක්ව සිටින බවට වෛද්‍යවරුන් සනාථ කිරිමේන් පසුව ඉන්දියාවේ ග්ලෝබල් පෞද්ගලික රෝහල වෙත රැගෙන යාමට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණද ඒ සදහා වැය වන රුපියල් ලක්ෂ 100 කට ආසන්න දැවැන්ත මුදල මෙම දෙමාපියන්ට සිහිනයක් ව තිබියදි ‘ලංකාදිප එසැණ ‘ වෙබ් අඩවියේ පළ වු පුවතෙන් දරුවාගේ සැත්කමට අවශ්‍ය මුදල සොයා ගැනීමට හැකි විණි.
ඒ අනුව ජනවාරි මාසයේ 14 දින මෙම දරුවන් පිළිබදව අනාවර්ණය කිරිමත් සමග රට තුළ හා විදේශීය සිටින ශ්‍රී ලාංකිකයින් රුපියල් ලක්ෂ 100 ක මුදල මාස දෙකක් තුළදි ලබා දි තිබුණේ සියලු දෙනාම මවිත කරමිනි.
මෙහිදි පළමුව චාමිකගේ අක්මා බද්ධය සිදුවන අතර එහිදි චාමිකට බද්ධ කිරිමට අක්මාව ලබා දිමට මව එකඟ වි තිබේ. ඉන් පසුව තවත් වසර කින් නැවත ජීනුලි ජීන්තරා දැරියගේ අක්මා බද්ධය සිදු කළ යුතු නමුත් ඒ සදහාද තවත් ලක්ෂ 100 ක් සපයා ගැනිමට මෙම මව් පියන්ගේ දෙවන අභියෝගය වේ .