අ'පුර පැන් පෙරහර වීදි සරයි


මෙවර පොසොන් උළෙලේ සමාප්තිය සටහන් කරමින් චිරාගත සම්ප්‍රදායානුකූල පිරිත් පැන් ඉසීමේ පෙරහැර අද (23)පස්වරුවේ පැවැත්විණි.

තිසාවැවේ සිට පෙරහැරින් මහ මෙවුනා උයනේ පිරිත් මණ්ඩපය වෙත රැගෙන ගිය පැන් කලස් සතියක් පුරා පිරිත්කර අවසානයේ අනුරාධපුර නගරය වටා ඉස ජනතාවටද බෙදා දී රටට සෙත් පතනු ලබයි.

සති පිරිත් පිංකමින් රටේ අපල උපද්‍රව දුරු වී සශ්‍රිකත්වය උදාවේවායි ප්‍රාර්ථනා කරනු ලැබේ.

සති පිරිතෙන් පසු අනුරාධපුරයේ වැසි වැසීමද අපේක්ෂා කැරේ.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සති පිරිත් පිංකම නිල වශයෙන් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්ගේ

ප්‍රධානත්වයෙන් මෙවරත් සංවිධානය කෙරිණි.

අද රාත්‍රී දේවදුතයා පැමිණ දොරකඩ හස්න කියවීමෙන්  අනතුරුව හෙට දහවල් මහා සංඝගත දක්ෂිණාවෙන් සති පිරිත් පිංකම නිම වේ.

S-2 S-3 S-4 S-5 S-6