සුමතිපාල දීයගහගේ
අට හැවිරිදි නෑණාට බරපතල ලිංගික අපයෝජනයක් කිරිම සම්බන්ධයෙන් ඇගේ දහ හතර හැවිරිදි මස්සිනා අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි.
අතවරයට පත් දැරියගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වී ඒ අසල නිවසක පදිංචි වී සිටින බවත් පසුගිය 15 වැනි දා අගුලුගහ බැදිපිට පදිංචි සැකකරු නැන්දාගේ නිවසේ මිත්තණිය පමණක් සිටින විට නිවසට පැමිණ නෑණාට බරපතල ලිංගික අපයෝජනයක් කර ඇති බවත් පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
අපයෝජනයට පත් දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් වාර්තාව අනුව දැරියට බරපතල ලිංගික අපයෝජනයක් කර ඇති බව සඳහන් වේ.
සැකකරු සහ අතවරයට පත් දැරිය ද පාසල් සිසුන් බවද වාර්තාවේ. සැකකරු අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.