(නිමල කොඩිතුවක්කු)
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යළිත් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව කටයුතු කරමින් රට යථාතත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතු බව වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
කොළඹ අරලිය ගහ මන්දිරයේ අද (14) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.