(නිමල කොඩිතුවක්කු)
සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප‍්‍රමුඛතම අංශයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා අවශ්‍ය සැළසුම් ක‍්‍රියාත්මක බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.
සංචාරක කර්මාන්තයේ නව ප‍්‍රවණතා හඳුනා ගනිමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේ පැවති හෝටල් සංසදයේ 53 වන වාර්ෂික සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘අපි සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප‍්‍රමුඛතම අංශයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කර තිබෙනවා. ඇතැම් සැලසුම් දැනටමත් කි‍්‍රයාවට නංවා තිබෙනවා.
අපනයන ආර්ථිකයක් නිර්මාණය කිරීම අවශ්‍ය වී තිබෙනවා. අපි ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. එතකොට අපිට තියෙන්නේ මොනවද නැද්ද කියලා අවබෝධයක් තිබිය යුතුයි. එසේ බලද්දි අපට සංචාරක කර්මාන්තය තිබෙනවා. අපි කොහොමද සංචාරක කර්මාන්තය කළමනාකරණය කරන්නේ ? අපේ ප‍්‍රවේශය කුමක් විය යුතු ද ? ඔක්කොටම කලින් අපි මේ රටට මිනිස්සු ගෙන්වා ගත යුතුයි.