ඡායාරූප - ගයාන් අමරසේකර
‘නිදහස ලබාගන්නා විට අපේ රටත් ජපානයත් අතර තිබුණේ එක ඩොලරයක ආදායම් වෙනසක්. පසුගියදා අපි සැමරුවේ 70 වැනි නිදහස් සමරුව. අද අපි කොහෙද ජපානය කොහෙද අපේ රට ඒ විදියට අපත් සංවර්ධනය කළා නම් අද අපි ජීවත් වෙන්නේ සුරපුරයක් වැනි රටක’ යැයි කතානායක කරු ජයසුරිය මහතා පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ අද (18) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට නවක නිලධාරීන් බඳවා ගැනීමේ උත්සවයකට සහභාගී වෙමිනි.