‘ජපන් රැකියා ලබාගන්න ගොස් තැරැව්කරුවන්ට රැවටෙන්න එපා‘


(මනෝජ් හර්ෂික)
 

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය දැනුම් දෙනතුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතනයන්ට හසුනොවී කටයුතු කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය  ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිළිබද මේ වන විට ජපන් රජය සමඟ සාකච්ජා පවත්වමින් සිටින අතර කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නොමැති බව කාර්යාංශය සඳහන් කරයි.

විවිධ විෂයන්වලට අදාළව රැකියා සඳහා සුදුසුකම් හා පටිපාටිය පිළිබඳ දැනුවත් කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන අතර  කිසිදු වෘත්තීය සුදුසුකමක් හෝ ජපන් භාෂාව ප්‍රවීණතාවක් නොමැතිව මෙම රැකියා සදහා අයදුම්කළ නොහැකි බවත් කාර්යංශය වැඩිදුරටත් දන්වා සිටියි.