(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ තීරණය ගත යුත්තේ හෝ ඉවත් කිරීම විය යුත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මිස, ඔහු පත්කරනු ලබන තැනැත්තා විසින් නොවන බව එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් හෝ අන් කවරකු විසින් හෝ කරනු ලබන පත්විම් පිළිබඳව අර්ථ නිරූපන ආඥා පනතේ 14(ඊ) වන වගන්තියට අදාළ නොවන බවද මන්ත‍්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.