පළාත් 6 මැතිවරණය පවත්වන්නැයි පොහොට්ටුවෙන් පෙත්සමක්



(නාලක සංජීව දහනායක)
 
නිල කාලය අවසන් වූ පළාත් සභා හයේ මැතිවරණ පවත්වන ලෙස රජයට නියම කරන්නැයි ඉල්ලමින් මෙම සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
 
පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්ගඑම් රංජිත් සහ සබරගමු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීගඑල් පීරිස් මහතා ඊයේ පැවැසීය.
 
බත්තරමුල්ලල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද(21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.