සුජිත් හේවාජූලිගේ
බදාදා (12) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නේදැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් තීරණයක් ගෙන නොමැත.
පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වී මේ පිළිබඳ තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වනවිට වර්ජනය කර ඇති පාර්ලිමේන්තු රැස්වීම් වාර ගණන පහකි. එනම් නොවැම්බර් 23, 27, 29, 30 හා දෙසැම්බර් 5 යන දිනවල පැවැති රැස්වීම්ය.
කතානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදාය අනුගමනය කරනතුරු පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වර්ජනය කළද කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු එම දිනවල දිගටම පවත්වාගෙන යනු ලැබීය.
එජනිසය බදාදා පාර්ලිමේන්තු යනවාද නැද්ද තීරණය තවම නෑ
Recommended Articles