ගෝඨාභයට අපහස වන ආකාරයේ අත් පත්‍රිකා බෙදූ 2 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මිරිහාන කොට්ටාව පාර විජේසේකර මාවත ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පැවසීය.

රාජපක්ෂ මහතාට අපහස වන ආකාරයේ කරුණු 60 ක් ඇතුළත් අත් පත්‍රිකා 58 ක් සොයාගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ සහ මිරිහාන ප්‍රදේශ වල පදිංචි 60 සහ 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්  බව පොලිසිය කීය.