‘ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනය නවත්වන්න‘


(නිමල කොඩිතුවක්කු)
කොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ  ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමස්ථ පුරවැසියන් කෙරෙහි සමානව සැලකීම වෙනුවට තම පාක්ෂිකයාගේ ජීවිතය පමණක් ජීවිතය සේ සලකා කටයුතු කරන ගෝත්‍රික ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව සිකොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ  ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් ආණ්ඩුවට මුල සිටම නොතිබුණ බවත් විපක්ෂනායකවරයා සඳහන් කරයි.

  "මෙරට පුරවැසියන්ට අවශ්‍ය එන්නත් ඇනවුම් කරන ලෙස අපි මීට මාස කිහිපයකට පෙර කිහිප අවස්ථාවක් ආණ්ඩුවට සිහිපත් කළද ඒ් සියල්ල සුපුරුදු උද්දච්ඡ සහ වගකීම් විරහිත ස්වරූපයෙන් බැහැර කළ ආණ්ඩුව කළේ අශ්වයා පලා යනතුරු බලා සිටීමය.

වර්තමාන ආණ්ඩුව යටතේ කලුකඩ රටාවට එන්නත් සොයා යාමේ තත්ත්වයට රට පත්ව තිබේ. එය ආණ්ඩුවේ ආශිර්වාදය මත කෙරෙන ‘වැක්සීන් දේශපාලනය’ ක් වී ඇති අතර සමස්ථ පුරවැසියන් කෙරෙහි සමානව සැලකීම වෙනුවට තම පාක්ෂිකයාගේ ජීවිතය පමණක් ජීවිතය සේ සලකා කටයුතු කරන ගෝත්‍රික ආණ්ඩුවක් බවට දවත්මන් ආණ්ඩුව පත්ව සිටී" යැයි ද එහි තවදුරටත් දැක්වේ.