ලැයිස්තු මන්ත්‍රීන් ඉල්ලා සජබෙ උණුසුම්
පළාත් පාලන මැතිවරණ දිනය ළං වන විටම විපක්ෂනායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන්ට කියා සිටියේ පක්ෂයට ලැබෙන සමානුපාතික ලැයිස්තුවලට මන්ත්‍රීවරුන් පත්කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසය. නව මැතිවරණ ක්‍රමය යටතේ තරග කර පරාජය වූ අපේක්ෂකයනුත් පත් කිරීමට ප්‍රතිපාදන තිබෙන නිසා එවැනි අර්බුදයක් මග හරවාගැනීම සජබ නායකයන්ගේ අරමුණ විය. ඒ අනුව තීන්දු වූයේ ඉහළ මනාප ප්‍රතිශතය ඇතුළු නිර්ණායක කිහිපයක් මත ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමටය.
සජබ නායකයන් බලාපොරොත්තු වූ ලෙසම තරගකර පරාජය වූ අපේක්ෂකයන්ගෙන් සහ ආසන සංවිධායකවරුන්ගෙන් ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා විශාල බලපෑමක් එල්ල විය. එක් අපේක්ෂකයකු සජබ මූලස්ථානයට පැමිණ තිබුණේ 2002 දී පක්ෂය වෙනුවෙන් වෙඩි ප්‍රහාරයකට ලක් වූ තමාට මන්ත්‍රී ධුරයක් අවශ්‍ය බව කියමිනි. සමානුපාතික ලැයිස්තුවලින් වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණය ලැබුණේ සජබයට නිසා සජබයේ නායකයන් දුරකථනය අක්‍රිය කර අවස්ථා ගණනාවක්ම වාර්තා වූයේ නොනවත්වා ලැබුණු ඉල්ලීම් නිසාය.
කෙසේ හෝ ආසන ගණනාවක සංවිධායකවරුන් තම තනතුරුවලින් ඉල්ලා අස් වූයේ තම ඉල්ලීමට නායකයන් එකඟ නොවූ හෙයින් එයට විරෝධය දක්වමිනි.
මෙම අර්බුදය නිසා අසීරුවට පත් වූ එක් සංවිධායකවරයකු වන්නේ ගාල්ලේ බන්දුල ලාල් බණ්ඩාරිගොඩය. ගාල්ලේ නගර සභාවේ මන්ත්‍රී ආසන නවයක් සජබයට එම මන්ත්‍රී පිරිස සමග ඔහු කළ සාකච්ඡාවේ දී නවදෙනා පත්කරන ආකාරය ගැන එකඟතාවක් ඇතිවිය. මෙම ලැයිස්තුව රැගෙන පක්ෂ මූලස්ථානයට ගියවිට සියලු මන්ත්‍රීවරුන් ලබාගත් ප්‍රතිශත අනුව පත්විය යුතු බව පක්ෂ මහලේකම්වරයා තමාට දැනුම් දුන් බව ඔහු එම මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය. එයට එකඟ වූ තමා එම තීන්දුව පිළිගන්නා බවත් රට පුරාම එම තීන්දුව අනුව මන්ත්‍රීවරුන් පත් කළ යුතු බව මහ ලේකම්වරයාට දැනුම් දුන් බවත් ඔහු මන්ත්‍රී කණ්ඩායමට කියා සිටියේය. තමා ලබා දුන් ලැයිස්තුවේ දී ප්‍රතිශතය අනුව මන්ත්‍රී ආසන ලබා දිය යුතු බව පක්ෂ ප්‍රධානීන් පැවසුවත් බද්දේගම දී එම ප්‍රතිශත නොසලකා මන්ත්‍රීධුර ලබා දී ඇති බවත් බණ්ඩාරිගොඩ දැනගන්නට ලැබිණි. ඔහු කියන්නේ මෙවැනි හැන්දකින් ගාල්ලට නොබෙදන ලෙස මහලේකම් ඇතුළු පක්ෂ ප්‍රධානීන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් තමාගේ මතය පක්ෂය ගණන් නොගත් බවය. ‘‘මං කියපු දේ ඇහුවෙ නෑ. මට ගන්න පුළුවන් ඊළඟ තීන්දුව සංවිධායක ධුරයෙන් අයින් වුණා.’’ බණ්ඩාරිගොඩ එසේ පැවසුවේ ඔහු හමුවන්නට පැමිණි අලුත්තෙන් පත් වූ මන්ත්‍රීවරුන් පිරිසකටය.
මෙම ප්‍රශ්නය මත ආසන සංවිධායකවරුන් හත් දෙනකු පමණ තම සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වුවත් ඒ සියලු දෙනා සමගම සාකච්ඡා කර ඇතැමුන් පක්ෂ මූලස්ථානයට ගෙන්වා ප්‍රශ්නය විසඳා ගන්නට සජබ නායකත්වය පියවර ගත්තේය.
තීන්දු වෙනස් කරන්නෙ නෑ- සජිත්
සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුව මෙම සතිය ආරම්භයේ රැස් වූ අවස්ථාවේදී ද සාකච්ඡාවට බඳුන් වූයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ගත යුතු පියවර පිළිබඳවය. විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව බලය පිහිටුවිය හැකි ස්ථානවල දී එකතු වීම සඳහා කළමනාකරණ කමිටුවේ අවසරය හිමි වූ අතර පක්ෂ නායකයාට ඒ සඳහා තීන්දු ගැනීමේ අවසරය ද හිමිවිය.
ඊළඟට සාකච්ඡා කෙරුණේ ඇතැම් ආසන සංවිධායකයන් පළාත් පාලන ආයතන සඳහා තමන්ට වුවමනා අපේක්ෂකයන් පත්කිරීම පිළිබඳව මතුව තිබූ ප්‍රශ්නයය.
ඊළඟට සාකච්ඡා කෙරුණේ ඇතැම් ආසන සංවිධායකයන් පළාත් පාලන ආයතන සඳහා තමන්ට වුවමනා අපේක්ෂකයන් පත්කිරීම පිළිබඳව මතු වූ තිබූ ප්‍රශ්නයය. පක්ෂ නායකයා එහි දී දැනුම් දුන්නේ කලින් එල්බගත් නිර්ණායක වෙනස් කළ නොහැකි බවය.’’ අපි තීන්දුවක් ගත්තා ප්‍රතිශතය අනුව පත් කරන්නෙ කියලා... ඒ නිර්ණායකවලට අනුවම වැඩ කරන්න නැතිනම් පක්ෂය බරපතළ ප්‍රශ්නයකට යනවා. ප්‍රශ්න තියෙන සංවිධායකවරුන් සමග අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් පක්ෂය ගත්තු ප්‍රතිපත්තිමය තීන්දු වෙනස් කරන්න බෑ.’’ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව ප්‍රශ්න ඇති ආසන සංවිධායකවරුන් පක්ෂ මූලස්ථානයට කැඳවා සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසඳීමට පක්ෂ නායක හා මහලේකම් ඇතුළු නායකයන් පියවර ගත්තේය. බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රශ්නය විසඳී තිබුණේ නැත. ඒ මහතාගේ සොහොයුරාට මන්ත්‍රී ධුරයක් ලබාදීම සහ මහියංගණ සජබ සංවිධායක ධුරය ඒ මහතා ඉල්ලා සිටින බවත් ඒ සඳහා පක්ෂ නායකයන් එකඟ වී නැති බවත් දැන ගන්නට ඇත.
මතුගම ස්වාධීන
මන්ත්‍රී සජබෙට මෙවර මැතිවරණයෙන් මාලිමාවට ආසන දහ තුනක් ද සජබයට ආසන දහයක් ද ස්වාධීන කණ්ඩායමකට මන්ත්‍රී ආසන හතරක් ද ලැබී තිබිණි. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා හමුවීමට පැමිණි ස්වාධීන මන්ත්‍රීවරුන් හතර දෙනා කියා සිටියේ තමන්ගේ සහයෝගය සමගි ජන බලවේගයට ලබාදීමට සූදානම් බවය.
‘බොහොම හොඳයි. හැබැයි ඔයාල හතර දෙනාම අපේ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්න ඕනෑ. එතකොට සජබ සභාවක් හැටියට මතුගම සභාවෙ බලය පිහිටුවන්න පුළුවන්. ‘‘ජගත් විතාන මන්ත්‍රීවරයා කියා සිටියේය. ස්වාධීන මන්ත්‍රීවරු ඒ සඳහා කැමැත්ත පළ කළහ. සජබයෙන් පත් වූ මන්ත්‍රීවරුන් දස දෙනා සමග ද සාකච්ඡා කළ විට ඔවුන්ගේ ද එකඟතාව මන්ත්‍රීවරයාට හිමි විය. ඒ අනුව ජගත් විතාන මහතා ස්වාධීන මන්ත්‍රීවරුන් හතර දෙනාද සමග සජබ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් හමුවීමට විපක්ෂනායක කාර්යාලයට ගියේය.
‘‘“බොහොම හොඳයි අපේ පක්ෂයේ සාමාජිකත්වය ගන්න ඒක. ඇයි මෙහෙම තීන්දුවක් ගත්තෙ?’’ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා එම මන්ත්‍රීවරුන්ගෙන් විමසීය.
‘‘අපිට සර් ජගත් මන්ත්‍රීතුමා විශ්වාසයි. ඒ නිසයි අපි පක්ෂයට බැඳෙන්න හිතුවේ.’’ මන්ත්‍රීවරු කියා සිටියහ. මෙසේ ස්වාධීනව තරග කර තිබුණේ මෙයට පෙර ජාතික නිදහස් පෙරමුණ පොහොට්ටුව නියෝජනය කර ඉන් ඉවත් වූ හතර දෙනෙකි.
සජබනායකයා හමුවීමෙන් පසු මන්ත්‍රීවරුන් සිව්දෙනා සමග මතුගම තම පක්ෂ කාර්යාලය වූ ‘මහ ගෙදර’ ට ගිය ජගත් විතාන මහතා සජබයෙන් පත් වූ මන්ත්‍රීවරුන් දස දෙනා ද සමග මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම ගැන සාකච්ඡාවක් පැවැත්වීය.
‘‘අපට පුළුවන් තවත් පක්ෂවලින් පත් වූ මන්ත්‍රීවරුන් පස්දෙනෙක් සභාවේ බලය සඳහා එකතු කරගන්න...’ මන්ත්‍රීවරුන් එහි දී පැවසූහ. ‘‘හොඳයි. අපි ඒ දේත් කරමු. දැන් අපි එක කණ්ඩායමක්’’ ජගත් විතාන මන්ත්‍රීවරයා පැවසීය.
මෙහිදී මන්ත්‍රී කණ්ඩායම ඒක මතිකව තීන්දු කළේ සභාව පක්ෂයට ලබා දීමට උදව්වක් ලෙස ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ස්වාධීන මන්ත්‍රීවරුන් හතර දෙනාගෙන් එක් අයකුට ලබා දීමටය. ‘‘ඔයාලගෙ තීන්දුව බොහොම හොඳයි.’’ ඒත් සභාපතිට වාහනය අරගෙන ගෙදර යන්න බෑ. අපි ආදර්ශමත් සභාවක් මතුගම හදන්න ඕනෑ. මගේ යන්ත්‍රෝපකරණ කීපයක්ම සභාවේ වැඩට ලබා දෙනවා. මම යොදවල තියෙන ප්‍රජා බස් රථ කීපයත් සභාවටම පාලනය කරන්න දෙනවා. මගෙ ගිනි නිවන වාහන ටිකත් ඔයාලට බාර දෙනවා. වියදම අඩු කරලා. කාර්යක්ෂමතාව වැඩි සභාවක් අපි මතුගමින් හදල පෙන්වමු.’’ ජගත් විතාන මහතා එහි දී සඳහන් කළේය.
ජවිපෙ සහ එන්පීපී ගැටුම
එක්සත් ජනරජ පෙරමුණ නායක හිටපු මන්ත්‍රී චම්පික රණවක මහතා වෘත්තීයවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේ රටේ දේශපාලන තත්ත්වය සාකච්ඡාවට බඳුන් විය.
ඡන්දෙන් පස්සෙ ආණ්ඩුවේ තත්ත්වය ගැන මොකක්ද ඔබතුමාගෙ මතය...’’ වෘත්තීයවේදියෙක් විමසීය.
‘‘මම නම් හිතන්නෙ නෑ. ආණ්ඩුවට මේ ඡන්දෙන් ලොකු අවාසියක් වුණා කියලා. ඒත් ආණ්ඩුව හිතනවා එයාලා මේ ඡන්දෙන් පැරදුණා කියලා. එයාල පහුගිය ඡන්ද දෙකේ දී දෙමළ මුස්ලිම් ප්‍රදේශවල සියයට පනහට වඩා ඡන්ද ගත්තා. ඒක මේ පාර සියයට විස්සට වැටුණා. සිංහල ප්‍රදේශවල තරුණ පරම්පරාවත් ඉහළ මධ්‍යම පංතියත් ආණ්ඩුවට මේ පාර ඡන්දෙ දුන්නෙ නෑ. ඒක ආණ්ඩුව තදින්ම හිතට අරන් තියෙන්නෙ. ඊළඟට රටේ මොකුත්ම වෙන්නෙ නෑ. ඔහේ යනවා. ඔය පක්ෂයේ ඉන්නෙ පුහුණු කාඩර්ලනෙ. එයාල රැස්වීම් තියන්න උද්ඝෝෂණ කරන්න හොඳින් පුරුදු බලා ඉන්නෙ. ඒත් ආණ්ඩුවක් ලැබුණම අතරමං වෙලා ඉන්නෙ. එයාල තව ඉගෙන ගන්නවා. ‘‘චම්පික රණවක හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
‘‘එතකොට ආණ්ඩුව ඇතුළෙ මොකක් හරි අර්බුදයක් පේනව ද?’’ තවත් වෘත්තීයවේදියෙක් විසසීය.
‘‘ඔතන තියෙන්නෙ ජවිපෙ සහ එන්පීපී ගැටුමනෙ. ජවිපෙ නොවන අය ලොකු අවුලක ඉන්නෙ එයාලගෙ ආදායම් අඩු වුණා කියලා... සමහරු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන්නත් උත්සාහ දරන බව ආරංචියි’’ චම්පික කීවේය.
රනිල් මහින්ද රවිඑක මේසයේ
හිටපු ආණ්ඩුකාරවරියක සහ අමාත්‍යංශ ලේකම්වරියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ දියණියගේ විවාහ මංගල උත්සවය ඉකුත් බදාදා පැවැත් වුණේ මොනාක් ඉම්පීරියල් හෝටලයේදීය. විවාහයේ සාක්ෂිකරුවකු ලෙස මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ය. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද මංගල උත්සවයට පැමිණ සිටි අතර රවි ඇතුළු තිදෙනාම එකම මේසයක වාඩි වී කතා බහ කරමින් සිටියහ. රටේ පවතින දේශපාලන තත්ත්වය නිතැතින්ම තිදෙනාගේ කතාබහට මාතෘකාව විය’’ බලන්න රටේ තත්ත්වය. අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.’’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා දිවා භෝජනයට සහභාගී නොවී පිටව ගිය අතර රවි සහ මහින්ද කතාබහ කරමින්ම ආහාර ගත්හ.
රථ වාහන වැරදි ගැන නව පනතක්
ප්‍රවාහන අමාත්‍යංශයට අදාළ උපදේශක කාරක සභාවේ රැස්වීමක් කාරක සභා කාමර අංක හතේදී ඉකුත් අඟහරුවාදා පැවැත්විණි. ප්‍රවාහන ඇමැතිවරයා එම රැස්වීමට එදින නොපැමිණි අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු තිදෙනෙක් සහභාගි වූහ. විපක්ෂය වෙනුවෙන් ජගත් විතාන, අජිත් පී. පෙරේරා සහ නලින් බණ්ඩාර යන මහත්වරු ද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ලංගම සභාපති ඇතුළු රජයේ නිලධාරීහු ද එම කමිටු රැස්වීමට එක්ව සිටියහ. මෙහිදී රථවාහන වැරදි සම්බන්ධව නව පනතක් කෙටුම්පත් කර ඉදිරිපත් කර තිබූ අතර ආණ්ඩු පක්ෂයට එය ඉක්මනින් සම්මත කර ගැනීමට අවශ්‍ය වුවත් ජගත් විතාන ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ පනත කියවා බැලීමට තමන්ට කල් අවශ්‍ය බවය. ‘‘මේ පනත ලැබුණේ අද මේක තියෙනවා වෙනස් විය යුතු තැන් කීපයක්. කියවල බලන්න කල් ඕනෑ’’ ජගත් විතාන මහතා කිවේය. බලපත්‍ර නැතිව ධාවනය වන බස්රථ සඳහා දෙලක්ෂ පනස් දහසක අවම දඩයක් හෝ රුපියල් ලක්ෂ පහක උපරිම දඩයක් පැනවිය යුතු බවට යෝජනාවක් එදින කාරක සභාවෙන් සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත්ව තිබිණ.
‘‘මේක වැරදියි. මේව කළාම රජයට අය වෙන්න ඕනෑ. දඩ මුදල් වෙනත් අයටයි යන්නෙ. යන්න කො මැරින්ඩ්‍රයිව් පාරට. අපූරුවට බලපත්‍ර නැති බස් යන්නෙ. දඩ වැඩි කරලා නෙවෙයි වෙනත් ක්‍රමයක් ගෙනත් මේ ප්‍රශ්නය විසඳමු.’’ ජගත් විතාන මන්ත්‍රීවරයා පැවසීය.
රවුන්ඩ් ටේබල් සමුළුව නාමල්ට ඇරියුමක්
ලෝක තරුණ ව්‍යවසායකයන්ගේ සංවිධානයක් වන ‘‘රවුන්ඩ් ටේබල්’’ සංගමයේ ආසියානු කලාපීය සමුළුව ඉකුත් සතියේ කොළඹ ‘‘සිනමන් ලයිෆ්’’ හෝටලයේ දී පැවැත්විණි. එම සමුළුවට විවිධ රටවලින් තරුණ ව්‍යවසායකන් පැමිණි අතර දේශපාලන ක්ෂේත්‍රයෙන් ආරාධනා ලැබ සිටි එකම ලාංකික දේශපාලනඥයා වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාය. පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් ද නාමල් සමග එම සමුළුවට සහභාගී විය. තරුණ ව්‍යවසායකයන්ගෙන් නාමල්ට සැලකිය යුතු පිළිගැනීමක් ලැබිණ. නාමල් හමුවීමට පැමිණි ඇතැම් තරුණ ව්‍යවසායකයන් ඔහු සමග ආර්ථිකමය කරුණු ගැන සාකච්ඡා කරමින් සිටි බව ද එහිදී දැක ගන්නට ලැබිණ.
මම රාජ්‍ය ගෞරවය දුන්නෙ මාලිනිට ජාතික ලැයිස්තුවෙන් පත් කරලා
- මහින්ද රාජපක්ෂ
නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වූ බව දැනගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී ද ඇගේ රංග කලාව සහ ජීවිතය ගැන විවිධ අදහස් සාකච්ඡා විය. එතුමියට රාජ්‍ය ගෞරවය දෙනව කියල මුලදී ප්‍රචාරය කළාට රාජ්‍ය අනුග්‍රහය විතරයි ලැබිල තියෙන්නෙ...’’ මහලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේය.
‘‘එතුමියට දෙන්න පුළුවන් උපරිම රාජ්‍ය ගෞරවය ජීවත්ව ඉන්න කාලේ මම ලබා දුන්නේ එතුමියට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරලා රටේ උත්තරීතරම ස්ථානය වන පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත්කරලා ජීවත්ව ඉන්න කාලෙ ඉහළම ගෞරවය මම ලබා දුන්නේ ඇය රටේ ජාතික වස්තුවක් නිසා. හැබැයි කවදාවත් මම එතුමියව දේශපාලනයට පාවිච්චි කළේ නෑ. පක්ෂයේ වැඩට මම එතුමියට ගෙන්න ගත්තෙත් නෑ. ගෞරවනීය තනතුරක් හැටියටයි මම ඒ උපහාරය ලබා දුන්නෙ...’’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රනිල් පක්ෂය අලුත් කරයි
ආණ්ඩුව සතියෙන් සතිය අලුත් වතුර නා ගනිමින් සිටින අතරේ රනිල් අලුත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩනැගීමේ මෙහෙයුම් අරඹා ඇත. පුංචි ආණ්ඩුවලට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වුණු මන්ත්‍රීවරු සිරිකොත මහ ගෙදරදී බ්‍රහස්පතින්දා ප්‍රතිඥා දුන්හ.ඒ පක්ෂ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදීය.
වජිර, තලතා, අකිල, නවීන්, සාගල ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගී වූහ.
"ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩිකර ගත්තේ මම නොවේ.මා එය කොමිටියකට බාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති, උපනායක, මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර, වැනි අය කැපවී කටයුතු කළා.ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට බාර දීමටයි. දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නෙත් මම නොවේ.මම මේ කොමිටියට එය බාර දෙනවා.
එය කළ හැකි ද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි. එතකොට වැඩි වැඩියෙන් අලුත් මූනුත් දාන්න වෙනවා" රනිල් එම උත්සවයේදී අදහස් දක්වමින් පළ කළේ අලුත් ඉඟියකි.
ඒ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද රනිල් පක්ෂයේ වගකීම අලුත් පරපුරට පවරන බවයි.කෙසේ වෙතත් බලය ලබාගන්නට නම් පක්ෂය සම්පූර්ණයෙන්ම නවීකරණය විය යුතු බව රනිල්ගේ අදහසයි.
"අපි ඡන්දෙ කරන කොට තිබුණේ ශාඛා සමිති. ඒ ප්‍රදේශවල ටෙලිෆෝන්වත් නෑ.දැන් අප අලුත් සමාජයකට ගමන් කරමින් ඉන්නවා.අප නැවත වැඩිම ඡන්ද ගන්න පුළුවන් ලෙස ගොඩනැගිය යුතුයි.අප විනයක් ඇතිව අනෙක් පක්ෂවල අයත් මෙතැනට එකතු කරගෙන අලුත් පක්ෂයක් ගොඩනගමු.මා ඒ වගකීම අදාළ කොමිටියට බාර දී තිබෙනවා" යනුවෙන්ද රනිල් අලුත් සභිකයන් හමුවේ පැවසීය.
එජාප නිලධාරීන් සහ සිලින්ඩරයේ මන්ත්‍රීන් අතර පැවති හමුවකදී කැබිනට් මාධ්‍ය හමුව ගැනත් කරළියට ආවේය.ඒ නලින්දලා දිගින් දිගටම නා ගන්න නා ගැනිල්ල ගැන මාතෘකාවක් මතු වූ හෙයිනි.
"දැන් මාධ්‍යවේදීන් කොටසකට කැබිනට් මාධ්‍ය හමුව තහංචි වෙලා.ගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුව තියෙන වෙලාවේ මාධ්‍ය අමාත්‍යාංශය ඉස්සරහ උද්ඝෝෂණයකුත් වෙලා තියෙනවා" මන්ත්‍රීවරුන් කී ඒ කතාවට ඕන පූරණයක් එකතු කරමින් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක පැවසූයේ තමන්ගේ කාලෙත් ඔය වගේ ගැටලුවක් පැමිණි බවයි.නමුත් දිගු කාලයක් මාධ්‍යයේ කටයුතු කොට ලැබූ අත්දැකීම් නිසා ඒ ප්‍රශ්න ඔඩුදුවන්නට නොදී ගොඩින් බේරා ගත් බව දිනිත් පවසන විට රනිල් හිස වනා ඒ කතාව අනුමත කළේය.
" මාසෙකට කලින් වීරයෝ වගේ උඩට ආපු බිමල්ලා, නලින්දලා, හරිනිලගෙ දැන් හුළං බැහැලා. අනුරාගෙත් හුළං බැහැගෙන යන්නේ, චාමර පැවසීය.
"කොටි වලස්සු මිනිසුන්ගේ ඇඟට පනින්නේ මිනිසුන්ට ඇති බයට යැයි ගමේ ගොඩේ කතාවක් පවතී.
ඒ වගේම වැඩක් දැන් ආණ්ඩුවෙන් රනිල්ට සිදුවෙමින් පවතින බව මන්ත්‍රී කණ්ඩායමේ කත බහට ලක් විය.
"රනිල්ගේ ආරක්ෂකයන්ට නවාතැන් ගැනීමට දී තිබූ නිවසින් ආරක්ෂකයන්ටත් පිටත්වන ලෙස දැනුම් දී ඇතත් ඔවුනට පදිංචිය සඳහා සුදුසු නිවසක් ලබා දී නොතිබිණි. ආරක්ෂකයන්ගේ නවාතැන් සඳහා පැරණි හැඳුනුම්පත් කාර්යාලය ලබාදෙන බව පැවසුවත් ඒ කටයුතු සිදුවන බවක් පෙනෙන්නට නැත.
රනිල්ගේ ආරක්ෂකයන් බොහෝ දෙනෙක් සිටින්නේ කොළඹින් පිටය.ඔවුනට නිතිපතා දුර බැහැර සිට කොළඹ පැමිණීම අසීරුය.
මුලින්ම රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී අශෝක ස්ථාන මාරු කරනු ලැබූ අතර දැන් සෙසු ආරක්ෂක නිලධරයන්ට ඉන්න හිටින්නට තැනක් නැති කර තිබේ.
"ඒවා කරන්නේ අපේ යාළුවා වෙන කවුරුවත් නෙමෙයි" රනිල් තමන්ගේ හිතවතෙකුට එසේ පවසා තිබිණි.
මාලනියට කළ සැලකීම
මාලනී ෆොන්සේකාට රනිල් ජනාධිපති ධූරය දරණ සමයේ ලබාදුන් අරමුදල් පිළිබඳව සමාජ කතිකාවක් ඇති වී තිබුණු හෙයින් වජිර මාධ්‍ය හමුවකදී ඊට කදිම පිළිතුරක් ලබා දුන්නේය.
"එතුමිය අසනීප වූ අවස්ථාවේ රනිල් ජනපති රජයෙනුත්, පුද්ගලිකවත් කළ යුතු යුතුකම් එතුමිය වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළ බව මා පුද්ගලිකවම දන්න නිසා එය ප්‍රකාශ කරනවා.
කොහොම නමුත් එතුමිය දැන් අපේ ජාතියට අහිමි වෙලා තිබෙනවා. මොකද එවැනි කලාකාරීනියක් නැවත සමාජගත වීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසාම තමයි එක්තරා අවස්ථාවක එතුමියට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් ජාතික ලැයිස්තුව තුළින් අවස්ථාව ලබාදුන්නේ. ඒ හරහා සමස්ථ කලා ක්ෂේත්‍රයටම ගෞරවයක් හිමිවුණා කියලා අපි හිතනවා.
ඒ වගේම අද ඇතැම් අය එතුමියට ජනාධිපති අරමුදලින් ලබාදුන් මුදලක් ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. ඇතැම් අය කියනවා එතුමියට දුන්නට අපිට දුන්නේ නෑ කියලා. ඉතින් මෙවැනි අවස්ථාවක සෑම පුද්ගලයෙක්ම එක හා සමානව බලන්න බෑ. ජාතික වස්තුන් හැටියට සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම ජාතියේ වගකීමක් බව අප මතක තබා ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් නැවත වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම වැපිරීම නොකළ යුතුයි කියා ප්‍රකාශ කර සිටිනවා යැයි වජිර කීය.
රනිල් මේ සති අන්තයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු නැවත ලබන සඳුදා රාත්‍රියේදී පැමිණීමට නියමිතව ඇත.
ප්‍රෙස් එකකට තරම් මොකද අද?
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු දෙදෙනා සම්බන්ධයෙන් කැරම් බෝඩ් නඩුවේ තීරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් විශාල පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටියහ. මේ අවස්ථාවේ දී සිනහ මුසුව පැමිණි හිටපු ඇමති මහින්දානන්ද මාධ්‍යවේදියෙකුගේ පිටට තට්ටු කර විමසුවේ“ ප්‍රෙස් එකකට තරම් මීඩියා එකෙන් ඇවිත්. මොකද මේ ?” කියාය. මේ නඩුවේ තීන්දුව කුමක් වුවද එය වැදගත් නඩුවක් බව මාධ්‍යවේදීන් දැන සිටි හෙයින් ඔවුහු බොහෝ දෙනෙකු එතැනට රැස්ව සිටියහ. නඩුවේ තීන්දුව දැවැන්ත පුවතක් නිර්මාණය වූ එකක් වීම මාධ්‍යවේදීන්ගේ ඉවට ඉතා හොඳ උදාහරණයකි.
රාජ දූත