ශාඛා සමිති පිහිටුවා නැති එජාප සංවිධායකයින් ඉවත් කිරීමේ තීරණයක්


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් ශාඛා සමිති පිහිටුවා නැති දුර්වල සංවිධායකයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට අද(17) රැස්වූ  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැත්විණ.

පක්ෂ ප‍්‍රතිසන්ධාන කටයුතු සහ ශාඛා සමිති ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදිපයට පැවැසීය.
ලක් වනිතා, යොවුන් පෙරමුණූ ආදී ශාඛා සමිති ප‍්‍රතිසන්ධාන කිරීම සදහා එහිදී ආසන සංවිධායකවරුන්ට ඉලක්ක ලබා දුන් බවත් මහලේකම්වරයා සදහන් කළේය.