මේ ඡන්දෙට ඕනෑ මුදල් දෙසැම්බර් 8 අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

බිමල් රත්නායක

ලෝකෙ ගොඩක් රටවල්වල ආණ්ඩුවලට සල්ලි වැඩියෙන් නෑ. අඩුවෙන්ම තමයි තියෙන්නේ. අපේ ආණ්ඩුව ගත්තොත් හැමදාම ණයයි. සල්ලි නෑම තමයි. ඒක තමයි නීති මගින් අනුමත කරන්නේ තියෙන සීමිත මුදල් ප්‍රමුඛතාවය අනුව වියදම් කරන්න. මේ ඡන්දයට ඕනෑ මුදල දෙසැම්බර් 8 වෙනිදා අයවැයෙන් වෙන් කරල තියෙන්නේ. රනිල්ම මුදල් ඇමැති විදියට තමයි ඒක කළේ. එහෙනං දැන් මොකක්ද මේ කියන කතාව.

මැතිවරණයත් සමග උණුසුම් වන දේශපාලනය ගැන මේ කතාබහ ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සමගිනි.   

?ඡන්දෙට ලක ලෑස්ති වුණාට වැඩේ දිග්ගැස්සෙන පාටයි නේද?  


ඡන්දෙ කල්දාල නෑ. තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන 1100 කට බෙදා දෙන දිනය තමයි කල් දාල තියෙන්නේ. ඡන්දය මාර්තු 9 වැනිදා නම් සාමාන්‍ය තැපැල් ඡන්දය මාර්තු 5 වැනිදා වෙනකම් වුණත් තියන්න පුළුවන්. ඒ නිසා තැපැල් ඡන්දයට 22, 23, 24 කියන දින තුන වෙන් කරල තිබුණට ඒ වෙනුවට වෙන දින දෙක තුනක් මාර්තු 9 වෙනිදට කලින් ප්‍රකාශයට පත්කිරීමේ හැකියාව මැතිවරණ කොමිසමට තියෙනවා. අපි දන්නේ මීට කලින් වුණත් තැපැල් ඡන්ද දිනවලට පැමිණීමේ අපහසුතා ඇති අයට ඒ ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා තැපැල් ඡන්දයට දින කීපයක් ප්‍රමාද වුණා කියන එක ඡන්දය පැවැත්වීමට විශාල බාධාවක් නොවෙයි.


?ආණ්ඩුවේ වුවමනාව ඡන්දය කලැද්මීම තමයි. ඒකට නොයෙකුත් උප්පරවැට්ටි ආණ්ඩුව දානවා. හැබැයි ඒ ආණ්ඩුවේ වුවමනාව දිගින් දිගටම පරාජයට පත්වෙලා තියෙනවා.

මැතිවරණයට එහෙම රනිල් වික්‍රමසිංහට ඕනෑ ඕනෑ විදියට කල් දාන්න බෑ. දැන් මුද්‍රණාලයට බලපෑම් කරන ත්‍රස්තවාදී වැඩ කරලා මේක නතර කරන්න උත්සාහ කරනවා නම් අපි කියනවා, ඒ සෙල්ලම් දැන් හරියන්නෙ නෑ කියලා.   


ආණ්ඩුවෙ මේක නිලධාරීන්ගේ කරේ තියල බේරෙන්න හදනවා. ඔබලා නිලධාරීන්ට කියනවා ඔබලාගෙ ආණ්ඩුවකදී හිරේ යන්න සූදානම් වෙන්න කියලා. රාජ්‍ය නිලධාරීන්ට මේ දෙන පීඩනය ගැනත් ඔවුන්ගේ මැසිවිල්ලක් තියෙනවා.   


ඔය වගේ පීඩනයට රාජ්‍ය නිලධාරීන්ට යටවෙන්න ඕනෑ නෑ. ඒකට තමයි නීති තියෙන්නේ. රටේ නීතිය තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවා. මැතිවරණ නීති තියෙනවා. මේ නීතිවලට අනුව වැඩ කළා නම් ඔය කියන කිසිම පීඩනයක් නෑ. එක එක දේශපාලකයන්ගෙ බලපෑම්වලට යටත් නොවී වැඩ කරන්න රාජ්‍ය නිලධාරීන්ට කොන්දක් තියෙන්න ඕනෑ. පොලිස්පතිවරයා හෝ රජයේ මුද්‍රණාලයාධිපති හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෝ බබාලා නෙවෙයි. මේ අය අලුතෙන්ම රස්සාවට ඇවිත් මේ ඡන්දෙ කරන්න සහයෝගය දෙනවා නෙවෙයිනේ. මේ අය මීට කලින් මැතිවරණ ගණනාවකදී ඔය නිලතලවල රාජකාරි කරපු අය. ඒ නිසා එයාලා දන්නවා වැඩේ කෙරෙන්නෙ කොහොමද කියලා. අපි හිතමුකො මෙයාලා බබ්බු කියලා. ඒත් කරන්න දෙයක් නෑ. ඒවට නීති තියෙනවා. තමන්ගේ රාජකාරි හතර මායිම දැනගෙන මේ අය රස්සාව පටන් අරගන්න ඇත්තේ. ඒක නිසා රාජකාරි පැහැර හැරීමට සමාවක් නෑ. හරියට රාජකාරි කරන්න තමයි ඒ අයට පඩියක් දෙන්නේ. තව කොච්චර පහසුකම් දෙනව ද මෙයාලට.   


?ආණ්ඩුව පැත්තෙන් සමහරු ඡන්දය ගැන කියන්නේ සල්ලි නැති වෙලාවෙ ඡන්ද කරල රට තවත් අමාරුවෙ දාන්න හදනවා කියලා.   


ලෝකෙ ගොඩක් රටවල්වල ආණ්ඩුවලට සල්ලි වැඩියෙන් නෑ. අඩුවෙන්ම තමයි තියෙන්නේ. අපේ ආණ්ඩුව ගත්තොත් හැමදාම ණයයි. සල්ලි නෑම තමයි. ඒක තමයි නීති මගින් අනුමත කරන්නේ තියෙන සීමිත මුදල් ප්‍රමුඛතාවය අනුව වියදම් කරන්න. මේ ඡන්දයට ඕනෑ මුදල දෙසැම්බර් 8 වෙනිදා අයවැයෙන් වෙන් කරල තියෙන්නේ. රනිල්ම මුදල් ඇමැති විදියට තමයි ඒක කළේ. එහෙනං දැන් මොකක්ද මේ කියන කතාව. සමහර ඡන්ද එනවා අයවැයෙන් ඒවට සල්ලි වෙන් නොකරපු වෙලාවල් වෙලත්. ඡන්දයක් ප්‍රකාශයට පත් වුණාට පස්සේ ඒකට අවශ්‍ය මුදල් සහ අනෙකුත් පහසුකම් සැපයීම ජනාධිපතිවරයාගේ වගකීම. ඒක නිසා මුදල් නැතිකම මෙතෙන්ට බලපාන්නෙ නෑ. අනිත් අතට රනිල් වික්‍රමසිංහ උන්නැහේ එයාට කොඩිය උස්සන්න තිබුණු ආසාවට කරපු නිදහස් උත්සවේ වියදම මිලියන තුන්සිය හැත්තෑවක්. මිලියන දෙසීයය් කියල කිව්වට ඊට වඩා මුදලක් ගිහින් තියෙනවා ඒකට. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න එන්නේ මිලියන හාරසීයයි. අනික ඔය ඡන්දෙට අවශ්‍යයි කියන මුළු මුදලම හෙට උදේ ඕනෑ වෙන්නෙ නෑ. ඒක තව මාස කීපයක් ඇතුළත තමයි ඕනෑ වෙන්නෙ. මුද්‍රණාලයේ සේවකයොම කියනවා කිසිම ඡන්දෙකට කලින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ සියලු මුදල් ගෙවන්නෙ නෑ කියලා. මැතිවරණ රාජකාරි වෙනුවෙන් නිලධාරීන්ට ගෙවන දීමනා හැමදාම ගෙවලා ඉවර වෙද්දී ඡන්ද තියලා කාලයක් ගතවෙලා. ඒක නිසා මේ මුදල් ඔක්කොම එක පාර ඕනෑ කියල එකක් නෑ. ඒ නිසා ඔය මුදල් නෑ කියන කතාව ඡන්දය කඩාකප්පල් කරන්න පාවිච්චි කරන විහිළු කතාවක්.  

 

ලෝකෙ ගොඩක් රටවල්වල ආණ්ඩුවලට සල්ලි වැඩියෙන් නෑ. අඩුවෙන්ම තමයි තියෙන්නේ. අපේ ආණ්ඩුව ගත්තොත් හැමදාම ණයයි. සල්ලි නෑම තමයි. ඒක තමයි නීති මගින් අනුමත කරන්නේ තියෙන සීමිත මුදල් ප්‍රමුඛතාවය අනුව වියදම් කරන්න. මේ ඡන්දයට ඕනෑ මුදල දෙසැම්බර් 8 වෙනිදා අයවැයෙන් වෙන් කරල තියෙන්නේ. රනිල්ම මුදල් ඇමැති විදියට තමයි ඒක කළේ. එහෙනං දැන් මොකක්ද මේ කියන කතාව.


?මේ ඡන්දෙන්වත් සියයට තුනේ අවලාදෙන් ගැලවෙන්න ජ.වි.පෙ.ට පුළුවන් වෙයිද?  


පැහැදිලිවම මේ සැරේ ඔය කතා සියල්ල වෙනස් වෙනවා. ජනතාව දැන් තීරණය කරල ඉවරයි ඉදිරි මැතිවරණයේ දී ගන්න ඕනෑ තීන්දුව මොකක්ද කියල. ඒ නිසාම අපි සංවිධානය කරනවා වගේම මිනිස්සු ස්වේච්ඡාවෙන් එන්.පී.පී. එකට මැතිවරණ කැම්පේන් කරනවා. ඒ අය තමන්ගේ වියදමින් කැන්වසින් යන්න පාරට බහිනව අද. රට විනාශ කරපු හොරු, දූෂිතයො එළවන්න අද ජනතාව පෙළ ගැහිලා ඉවරයි. ජනතාවගේ හිතේ ආණ්ඩුව හැදිලා ඉවරයි. මාර්තු 9 වැනිදා ඒක ප්‍රකාශයට පත් කිරීම විතරයි තියෙන්නේ. ඒකට බයවෙලා තමයි සියලු ආකාරයේ හොරු දැන් කලබලවෙලා තියෙන්නේ. තමන්ගේ අනාගතය ගැන දැන් හරි තීන්දුව ගන්න ජනතාව තීරණය කරලා ඉවරයි. 

 
?හැබැයි හැම මැතිවරණ වේදිකාවකම වැඩිම ප්‍රහාරය එල්ල වෙන්නෙ ජ.වි.පෙ.ට  


අපේ ජයග්‍රහණය ගැන රටේ ඇතිවෙලා තියෙන සුබවාදී ප්‍රවණතාවයම තමයි ඔය ප්‍රහාරයට හේතුව. අපිට විරුද්ධව එක එක ජාතියෙ කතා කිය කියා මඩ ගහන අය දිහා හොඳට බලන්න. කවුද ඒ අය. ඔය දැන් දෙකට තුනට බෙදිලා වගේ හිටියට එකම කල්ලියේ අය. පිටට පේන්න බෙදිල හිටියට ඇතුළෙන් එකට ඉන්නේ. ඡන්දෙන් පස්සෙ කොහොමත් එකට එකතුවෙනවා. පොහොට්ටුවෙ අලියගෙ හෙලිකොප්ටරේ ටෙලිෆෝන් එකේ ඉන්න ඔක්කොම හොරු අපිට බයවෙලා නිසා තමයි ඔය කලබලේ. ඇයි ඒ හැමෝටම අපිව සතුරා විදියට පේන්නේ. හේතුව හරි පැහැදිලියි. මේ අය එකම හොරු කල්ලිය.  


?ආපසු කළඑළි බැහැපු සුජීව සේනසිංහ ඔබලට අභියෝගයක් බාර දෙනවා. එයා ගානෙ කඩයක් අරන් දෙන්නම් පුළුවන්නම් හරියට කරල පෙන්නන්න කියලා. 


අපි ඔය කඩවලට වඩා ලොකු තැන් හරියට පාලනය කරල පෙන්නපු අය. අමාත්‍යාංශ පාලනය කරද්දී අපි මේ රටට ආදර්ශ දීලා තියෙනවා. කඩෙයක් දාන්නත් අපි ඕනෑ නම් හරියට කරල පෙන්නන්නම්. හැබැයි ඒකට ආරක්ෂාවක් නම් ඕන. මොකද ඒ කඩේ කඩන්න එන හොරා සුජීව සේනසිංහ වෙන්න පුළුවන්. 


මහ බැංකු බැඳුම්කර සිද්ධියේ දී සුජීවලා හැසිරිච්ච විදිය රටම දැක්ක. පොත් පවා ලිව්වනේ. එයත් ෆුට්බෝල් කල්ලියෙ ඉඳන් ඕක සුද්ද කළා. දැන් බයිලා ගහන්න එනවා. අපිට කඩ කරන හැටි කියා දිදී.  


?ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකයෝ ​ගොඩක් දෙනෙක් මේ පළාත් පාලන ඡන්දෙට ඉල්ලනවනේ. ඇයි බිමල් ඡන්දෙ ඉල්ලන්න බැස්සෙ නැත්තෙ ?  


පක්ෂෙ ප්‍රධාන කීප දෙනෙක් ඡන්දෙ ඉල්ලනවා වගේම තව ප්‍රධාන චරිත ගණනාවක් තරග කරන්නේ නෑ. දේශපාලන වශයෙන් අපිට විවිධ වගකීම් තියෙනවා. පක්ෂය පවරපු වගකීම් අපි ඉටු කරනවා. පක්ෂය තීන්දු කරපු ආකාරයට තමයි ඒක සිද්ධ වෙන්නේ. 


පක්ෂයේ හැමෝම ඡන්දෙ ඉල්ලන්න ඕන කියල එකක් නෑනේ. අපේ පක්ෂයේ බොහෝ දෙනෙක් ඉන්නව කවදාවත් මැතිවරණවලට ඉදිරිපත් නොවී දේශපාලන වගකීම් ඉටුකරන. අපි වගකීම් බෙදාගෙන වැඩ කරන පක්ෂයක්නේ.

 

සටහන : 
ප්‍රියන්ත කොඩිප්පිලි