ශ්‍රී ලංකා පොලිසිය ඉතිහාසගත ජාත්‍යන්තර මෙහෙයුමක් පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී සිදු කළේය. එය ශ්‍රී ලංකා පොලිසිය වෙනත් රටක සිදුකළ පළමු මෙහෙයුම විය.
මෙය දීර්ඝ කාලයක් පුරා සිදුකිරීමට සූදානම් වූ මෙහෙයුමක් වූ අතර, එය ඉක්මන් වුයේ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය නිසාය. එම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වන්නේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වන අතර, ඔහු අපරාධ විමර්ශනයේ ප්‍රකට නිලධාරියෙකු විය. රොහාන් ඕලුගල එම තනතුරට පැමිණීමත් සමග ගම්පහ පාතාලය රජ කරන්න සුදානම් වූ කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කළේ 2025 පෙබරවාරි 19 දා සිදුවූ සිදුවීම නිසාය. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාවේ දී ගම්පහ පාතාලය රජ කරන්න ගිය තව කෙරුමෙකු යැයි කියාගත් ගණේමුල්ල සංජීව විත්තිකූඩූව තුළ දීම වෙඩිතබා ඝාතනය කිරීම නිසාය.
මෙම ඝාතනයේ චෝදනාව එල්ල වෙන්නටත් පෙර අයි.එස්. කාරයන් මෙන් ප්‍රහාරය පිළිගත් කොමාන්ඩෝ සලින්දත් කෙහෙල්බද්දර පද්මේත් නිසා අවසානයේ එදිනම වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය . ඔහු අත් අඩංගුවට ගැනීමත් සමග සියලු කාරණා හෙළිවූ අතර, එම ප්‍රහාරය සඳහා සහය දුන් සෙව්වන්දි නමැති තරුණියගේ නම එළියට එන්නේ - බොහෝ රහස් ප්‍රමාණයක් එළියට වමාරමනි. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ ලොකුම මෙහෙයුම වන්නේ සෙව්වන්දි සෙවීමය. එහෙත් අදටත් සෙව්වන්දි ඉන්න තැනක් නැත.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයත් සමග එම ජාලය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමේ දී එම කොට්ඨාසය විසින් කොමාන්ඩෝ යෝ යෝ නමැත්තා අත් අඩංගුවට ගන්න අතර, ඒ වන විටත් කොමාන්ඩෝ සලින්ත සහ පද්මේ සූදානම් වී සිටියේ ජාත්‍යන්තර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ය. ඒ ඔවුන්ට විරුද්ධ කල්ලි සාමාජිකයෙකු වන පානදුර කුඩු සලිඳු ඝාතනය කිරීමටය. සලිඳු ඒ වනවිට සැඟව සිටියේ නේපාලයේය. නේපාලයට ගොස් ප්‍රහාරයක් එල්ල කිරීම කොමාන්ඩෝ යෝ යෝ වෙත පැවරී තිබුණු බව යෝයෝ ප්‍රකාශ කළේය. එපමණක් නොව කොමාන්ඩෝ රෙජිමේන්තුවෙන් පැන ආ අය වගේම රාජකාරියේ ඉන්න අයත් කොමාන්ඩෝ සලින්ද ගේ කණ්ඩායමේ වැඩකරන බව පොලිසිය මෙහි දී අනාවරණය කරගත්තේය. ඒ අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරමින් සිටියේය.
කෙසේ වෙතත් ඒ අතර තුර කාලයේ දී විශේෂ කාර්ය බළකායට ලැබුණු ඔත්තුවක් මත ටී 56 ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නේ ගම්පහ ඔස්මන් ඝාතනය කිරීම සඳහා සැලසුමක් සූදානම් කර සිටියදීය. අත් අඩංගුවට ගත් සැකකරුවන් ඒ මොහොතේ ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරය කෙහෙල්බද්දර පද්මේගේ නියෝග පරිදි සුදානම් කළ දෙයක් බවය. මෙම ප්‍රහාරය පළමු අවස්ථාව නොවූ අතර, කෙහෙල්බද්දර පද්මේ කිහිප විටක් ඔස්මන් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර වැඩ වරද්දා ගෙන සිටියේය. ඒ සියල්ලම වැරදී ගියේ පද්මේ ගේ අය විසින්ම පොලිසියට ඔත්තු දීම නිසාය.
මේ සිදුවීම් සිදුවන අතර වාරයේ දී පසුගිය 4 දා කෙහෙල්බද්දර පද්මේ ගේ දකුණු අත වූ පස් දේවා රටින් පැන යාමට සුදානම් වන මොහොතේ පොලීසියට කොටුවිය. දේවා තායිලන්තය බලා පිටත් වීමට සූදානම් වන මොහොතේ කොටුවු අතර, එය පද්මේ අවසානය බව පද්මේ දැන සිටියේ නැත. දේවා අත් අඩංගුවට ගැනීමත් සමග සුපුරුදු අපරාධකරුවන් මෙන් හත්මුතු පරම්පරාවම පාවාදීම සිදුකළේය. ඒ අනුව පද්මේ ගේ වම් අතමෙන් සිටි වලස් කටා ගැන සියල්ල දේවා වැමෑරුවේය. ඒ අනුව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය මගින් දේවා සීදුව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත්තේය. කෙසේ වෙතත් පද්මේ ගේ වෙලාව හොඳටම වරදින්නේ පද්මේ සලින්ද සහ දරුවන් විසින් දුරකථන ඇමතුමක් ලබා ගෙන එම පොලිස් කොට්ඨාසයේ ලින්ටන් පෙරේරාට තර්ජනය කිරීමත් සමගය.මෙම තර්ජනය සිදුවන්නේ පද්මේට අයත් හෝටලයක තිබී මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ සිදුවීමක් නිසාය.මේ නිසා පද්මේට යකා ආරූඪ වි සිටියේය. එහෙත් මේ තර්ජනය කිරීමට තමන්ට පාරාවළල්ලක් වේ යැයි පද්මේ ට සිතුණේය. ඒ නිසා පද්මේ විවිධ ක්‍රම හරහා පොලීසියෙන් සමාව ගන්න උත්සාහ කළ බව ප්‍රසිද්ධ රහසක් විය.එහෙත් පොලිසිය ඊට එකඟ වුණේ නැත.
ඕනෑම පහනක් නිවී යන්න ආසන්න වන විට ගින්දර දැල්ල වැඩි වනවා සේ පද්මෙලා එදා හයිකාරකම් දැම්මත් පොලිසිය පද්මේ ව අමතක කළේ නැත. පොලිසියට තර්ජනය කළ එකෙකු පොලිසිය අමතක නොකරනවා සේම ඊට ප්‍රතිචාර දැක්වීම පොලිසියේ ක්‍රමය වී ඇති නිසා ශ්‍රී ලංකා පොලීසිය පද්මේ අත් අඩංගුවට ගැනීම සඳහා සැලසුම් දියත් කරමින් සිටියේය.
පුදුමය නම් මෙහෙයුම් ආරම්භ කළ සමයේ දීම පොලිස්පති ප්‍රියන්ත වීරසුරියට පද්මේ සහ සලින්ද ඉන්නා ස්ථානය සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණේය. එම තොරතුර අනුව කියවුණේ ඔවුන් මැලේසියාවේ සිට බෝට්ටුවක් මාර්ගයෙන් ව්‍යාජ ගුවන් බලපත්‍ර යොදා ගෙන ඉන්දුනීසියාවට පැමිණ ජකර්තා ප්‍රදේශයේ සැඟවී සිටින බවයි. ඔවුන් සැඟවී සිටින ගොඩනැගිල්ල ගැන තොරතුර ද පොලිස්පතිවරයාට ලැබී තිබුණි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් සෘජුව එරට පොලිස්පතිවරයාට ඇමතුමක් ලබා දී මේ සම්බන්ධයෙන් දැනුම් දුන් අතර, අදාළ මෙහෙයුම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සිදු කිරීමට අවසානයේ එකඟතාවට පැමිණියේය.ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙරට පිහිටි ඉන්දුනීසියා තානාපති කාර්යාලය හරහා සම්බන්ධ වී අදාළ මෙහෙයුම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් වන තැනට කතා බස් කරගත්තේය. ඊට හේතු වුයේ වෙනත් රටකට ගොස් අපේ රටේ පොලිසියට අත් අඩංගුවට ගැනීම් සිදුකළ නොහැකි නිසාය.කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසුව රහස් පොලිසියේ ජාත්‍යන්තර පොලිසියේ ශාඛාව හරහා සියල්ල සංවිධානය වීමෙන් පසුව අදාළ මෙහෙයුම සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකරනු ලැබීය.
ඒ සඳහා පොලිස්පතිවරයා,රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, එසේම රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ,ඇතුළු නිලධාරින් සාකච්ඡා කළ අතර, ඒ සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ද සහභාගි විය. අවසානයේ මෙම මෙහෙයුම සඳහා කණ්ඩායමක් පිටත්ව යාමට තීරණය වූ අතර, එම ගමන සඳහා රොහාන් ඕලුගල ද සහභාගි කරවීමට පොලිස් ප්‍රධානීන් එකඟ විය. ඒ අනුව අදාළ මෙහෙයුමේ මුලික පරීක්ෂණ කටයුතු සිදු කරමින් දිනය ළං වන තෙක් සිටියේය.ඒ අනුව අදාළ මෙහෙයුම සඳහා පිටත් වීමට දින නියම විය. එහෙත් සූදානම් කරගත් පරිදි කණ්ඩායමක් යාම වෙනුවට පොලිස් නිලධාරීන් දෙදෙෙනක් පමණක් යාමට අවසානයේ තීන්දු විය.ඒ සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර යන අය ගමන සඳහා සූදානම් කළහ. ඒ අනුව ඔවුන් දෙදෙනා පසුගිය 23 දා ඉන්දුනීසියාව බලා පිටත්වුණහ.
ඉන්දුනීසියාවට ඇතුළු වු දෙදෙනා එරට පොලිස්පතිවරයාගේ මග පෙන්වීම මත ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත එරට විශේෂ පොලිස් ඒකකයක් සඳහා ඔවුන් සම්බන්ධ කළේ පද්මේ සහ සලින්ද යන දෙදෙනා ඉන්නා ස්ථානය සහතික කිරීම සඳහාය. ඒ අනුව ආවේක්ෂණ රාජකාරි කිරීමෙන් අනතුරුව සහතික වුණේ ඔවුන් සුඛෝපභෝගී ගොඩනැගිල්ලක ඉන්නා බවය. එහෙත් පළමු අවස්ථාවේ සහතික වුණේ කෙහෙල්බද්දර පද්මේ පමණි. ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ අත් අඩංගුවට ගැනීම සඳහා පිරිස සූදානම් වුණේය. ඒ සඳහා ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත එරට විශේෂ ඒකකකයක පොලිස් නිලධාරීන් තරුණයන් 10 දෙනෙකු අපේ දෙදෙනාට ලබාදුන්නේය. ඒ අනුව රොහාන් ඕලුගලත්, ජයසුන්දරත්, මෙහෙයුම ආරම්භ කළේය. ඒ අනුව ඔවුන් දෙදෙනා රැයක් දවාලක් නොමැතිව පද්මේ පසුපස පන්නන්න විය. ඇතැම් අවස්ථාවල පදික වේදිකාවේ නිදා ගත්හ. ඇතැම් අවස්ථාවල වෙස් වළාගෙන සිටියහ. එක් මොහොතක පද්මේ සහ රොහාන් ඕලුගල ඇඟේ ගැවී නොගැවී ගියේය. එහෙත් සලින්ද පේන්න හිටියේ නැත. කෙසේ වෙතත් ඕලුගල සහ ජයසුන්දර එරට කණ්ඩායම සමග දිගින් දිගටම අවේක්ෂණ රාජකාරියේ නිරත වෙමින් සිටියහ. මේ අතර වාරයේ සතුටුදායක පුවතක් ජයසුන්දර ට ලැබිණි.ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වා උසස් කර තිබීමය. ඒ අනුව ඔහු ඕලුගල ගේ තනතුර සමග සමගාමී විය.
අත්අඩංගුවට ගත් පිරිස පරීක්ෂා කරනවිට ඔවුන් ඒ වන සිටියේ ව්‍යාජ ගුවන් බලපත්‍ර සන්තකවය. තමන් කවදාකවත් අත්අඩංගුවට ගැනීමට නොහැකි බවට කැට තබා කියූ පද්මේ අන්ත අසරණ විය.සලින්ද කීවේ දරුන් ගේ කට නිසා සියල්ල වැරදුණු බවය.මහා චණ්ඩින් සේ චණ්ඩිපාට් දැමූ ඔවුහු බලු කුක්කන් සේ ඇඹරුණෝය. ඇතැම් අය හඬා වැලපුණහ. ඒ කිසිම ගැලවීමක් නැති බව දන්නා නිසාය. එහෙත් පද්මේ පැවසුවේ තමන් පලා ගියේ රොහාන් ඕලුගල පැමිණි බවට ලද තොරතුර නිසා බවය.
දිනය 26 දාය. එදින සවස් කාලය වන විට ඩුබායි රාජ්‍ය පුරාවට මෙම මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු ගලා ගියේ සිතා ගන්නවත් බැරි ලෙසය. කාගෙන් කොහොම ගියා ද යන්න කවුරුත් දැන සිටියේ නැත. මේ තත්ත්වය නිසාම මෙහෙයුම ඉක්මන් කිරීමට කණ්ඩායමට සිදුවිය. ඒ අනුව 27 දා පද්මේ අත් අඩංගුවට ගැනීමට කණ්ඩායම තීන්දු කළේ මෙරට පොලිස්පතිවරයා ගේ නියෝග පරිදිය. ඒ අනුව දහවල් ඔවුන් ඉන්නා ස්ථානය වටලා අත් අඩංගුවට ගැනීමට සුදානම් වන විට සියල්ල උඩුයටිකුරු වෙමින් පද්මේ පැනගොස් ඇති බව තහවුරු විය. පුදුමය නම් පද්මේ පමණක් නොව ඔහුත් සමග කොමාන්ඩෝ සලින්ද සහ බැකෝ සමන් ද සිටි බව තහවුරු වුයේ, ඔවුන් රැඳී සිටි ස්ථානයේ සී.සී.ටී.වී. පරීක්ෂා කිරීමෙන් පසුවය.ඒ අනුව පරීක්ෂණ කණ්ඩායමට තහවුරු වුණේ, අදාළ මෙහෙයුම සම්බන්ධයෙන් පද්මේ දැන සිටි බවය. පද්මේ පැන යාමත් සමග සියල්ල උඩුයටිකුරු වූ අතර, ඒ මොහොත වන විට ඔවුන් වටා එලා ඇති ආරක්ෂක වළල්ල බිඳ හෙළුවේ කෙසේද යන්න සැමට ගැටලුවක් විය.එහෙත් මෙහෙයුම අත් හැරියේ නැත. ඕලුගල ත් ජයසුන්දරත් තීන්දු කළේ කෙසේ හෝ පද්මේ ඇතුළු පිරිස අත් අඩංගුවට ගන්නා තෙක් නැවත ලංකාවට නොපැමිණෙන බවය.
ඒ අනුව ඕලුගලත් ජයසුන්දරත් එරට පොලිසියේ නිලධාරීනුත් පැනගිය පිරිස පසුපස පන්නන්නට වූහ. ඒ සී.සී.ටී.වි. දර්ශන හරහාය.පැය පහක මෙහෙයුමක් සිදු කරමින් ආරක්ෂක අංශයේ පිරිස අවසානයේ කිලෝමීටර් 70 පසුපස පන්නා ඔවුන් ගමන් ගත් මාර්ගය හරස් කොට පිරිස අත් අඩංගුවට ගත්තේ, මෙතෙක් කඩා වැටුණු ශ්‍රී ලංකා පොලිසියේ අභිමානය අසීරුවෙන් රැක ගනිමිනි. ඒ මොහොත ශ්‍රී ලංකා පොලිසියේ ඓතිහාසික සිදුවීමක් විය. ඒ අනුව අත් අඩංගුවට ගන්නා විට කෙසෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, බැකෝ සමන් බිරිඳ සහ දරුවා, පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු අත් අඩංගුවට පත්වූහ.මෙහෙයුම තිදනෙක් සඳහා සිදුවුණත් අවසානයේ බෝනස් දෙකක් ද පොලිසිට ලැබිණි. ඒ නිලංග සහ ලහිරු ය. පිරිස අත් අඩංගුවට ගැනීමෙන් පසුව එරට පොලිසියට භාර දුන් අතර, ඔවුන් ගේ අත් අඩංගුවට ගැනීම හාත්පසින්ම වෙනස් විය. බිම දණ ගසා අත්වලට මාංචු දමා, කට ගැට ගසා දැමූ අතර - අත් අඩංගුවට ගත් කිසිවකුට කතා කරගැනීමට නොහැකි විය.
අත් අඩංගුවට ගත් පිරිස පරීක්ෂා කරනවිට ඔවුන් ඒ වන සිටියේ ව්‍යාජ ගුවන් බලපත්‍ර සන්තකවය. තමන් කදාවත්වත් අත් අඩංගුවට ගැනීමට නොහැකි බව කැට තබා කියූ පද්මේ අන්ත අසරණ විය.සලින්ද කීවේ දරුවන්ගේ කට නිසා සියල්ල වැරදුණු බවය.මහා චණ්ඩින් සේ චණ්ඩිපාට් දැමූ ඔවුහු කුක්කන්සේ ඇඹරුණහ. ඇතැම් අය හඬා වැලපුණහ. ඒ කිසිම ගැලවීමක් නැති බව දන්නා නිසාය. එහෙත් පද්මේ පැවසුවේ තමන් පලා ගියේ රොහාන් ඕලුගල පැමිණි බවට ලද තොරතුර නිසා බවය.
ඒ අනුව අත්අඩංගුවට ගත් සියලු දෙනා සම්බන්ධයෙන් ප්‍රියන්ත වීරසුරිය දැනුම්වත් කළ අතර, පොලිස්පතිවරයා නිලධාරින් දෙදෙනා ඒ මොහොතේම ඇගයුවේ මෙය පොලිස් ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් ලෙසය. ඒ අනුව සැකකරුවන් එරට ආරක්ෂක අංශයට පවසා ඔවුන් රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සැලසුම් කෙරිණි. සැකකරුවන් පසුගිය සිකුරාදා රැගෙන ඒමට සූදානම් වුවත්, එය අද(31) දක්වා කල් ගියේය. ඒ අනුව අද දිනයේ සියලු සැකකරුවන් මෙරටට රැගෙන එන අතර, ඉදිරියේ ඔවුන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඩුබායිවලට පැන සිටින පාතාලයන් සව්දිය පුරවමින් මත්පැන් සාද පවා පවත්වා ඇති බව දැන ගන්නට ලැබේ. එපමණක් නොව ඇතැම් පාතාලයන් පවසා ඇත්තේ, පද්මෙලා අත් අඩංගුවට ගැනීම ඔවුන්ට මහා නිදහසක් ලැබුණු බව කියාය.
කෙසේ වෙතත් දැන් ප්‍රශ්න කිහිපයක් ඇත. එනම් මෙම සැකකරුවන්ගේ ජීවිත අවදානම ගැනය. ඔවුන්ට එරෙහිව සියලු පාතාලයන් විරුද්ධ නිසා ඉදිරියේ කුමකින් කුමක් වේද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබේ. කෙසේ වෙතත් ඉදිරියේ දී සලින්ද සහ පද්මේ පාර්ශ්වයේ පිරිස් හට ජීවිත තර්ජන එල්ලවිය හැකි බව ද පොලිසිය පවසන්නේ පාතාලේ න්‍යාය නිසාය. ඒ දුර්වල වූ තැනට පහරදෙන න්‍යාය සඳහාය.
දමිත් කරුණාතිලක