එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක
උදය ගම්මන්පිල
ඇමැති ධූරයක් එපා කිව්වේ ඇයි. ඇතුළේ ගැටුමක් නිසාද? ආණ්ඩුවේ ඉදිරි ගමන කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබ දකින්නත් නෑ. මොකද කළ කිරීමෙන්ද?
පිළිතුර - කිසිසේත්ම නැහැ. ජනාධිපතිවරණයෙන් පස්සේ මම මාධ්‍ය හමු දෙකකට සහභාගි වුණා. පක්ෂ නායකයන් සමඟ. ඊට පස්සේ චීන ආණ්ඩුවේ ආරාධනයෙන් ජාත්‍යන්තර සමුළුවක් අමතන්න චීනයට ගිහින් හිටියා. ඒ නොපෙනීම තමයි ඔබ නිහැඬියාවක් විදියට දකින්න ඇත්තේ.
ප්‍රශ්නය -ඇමැති තනතුරක් ඔබ එපා කිව්වා. ඇත්තටම ඔබ එපා කිව්වද? එහෙම නැත්නම් ඔබට කැපිල්ලක්ද?
පිළිතුර - මම හිතන්නේ නෑ මට කැපිල්ලක් එන්න හේතුවක් තියෙනවා කියලා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මම කරපු පරිත්‍යාගය අගය කරලා කතා කළා. ඒ වගේම කැබිනට් ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගෙන් විද්‍යුත් මාධ්‍ය වැඩසටහනකදී ඔය ප්‍රශ්නය ඔය විදියටම ඇහුවා. එතුමා දීපු උත්තරය තමයි උදය ගම්මන්පිල මැතිතුමා ඇමැති ධූරයක් ඕනෑ කිව්වානම් හැමෝටම කලින් එතුමට දිය යුතුයි. මොකද එතුමා ඒ තරම් දැවැන්ත කැප කිරීමක් මේ ජයග්‍රහණය වෙනුවෙන් කළා කියලා. එක්සත් ජාතික පක්ෂයේ මගේ අතිජාත මිත්‍ර චම්පික රණවක මැතිතුමන්ලා මට කරපු පරිත්‍යාගයට සමාජයේ ඇති වෙච්ච ප්‍රසාදයෙන් කලබලයට පත් වෙලා. මට ඇමැති ධූරයක් නොලැබීම නිසා මෙහෙම ලිපියක් ලිව්වා කියලා ප්‍රචාරයක් යැව්වා.
ප්‍රශ්නය -ඇත්තටම ඒක නේද වුණේ?
පිළිතුර - නෑ. මම ඒ ලිපිය යැව්වේ ඇමැති ධූර පිරිනමන්න පැය විසි හතරකට කලින්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඇමැතිධූර ලැබෙන්නේ කාටද? ලැබෙන ඇමැති ධූරය මොකද්ද කියලා දිවුරුම් දෙනතුරු ඇමැතිවරු කිසි කෙනෙක් දන්නේ නෑ. එහෙම දන්නවානම් ලොකු ගාලගෝට්ටියක් වෙනවා. ඉතින් එවැනි පසුබිමක මට ඇමැති ධූරයක් තියෙනවද නැද්ද කියන එකවත් මට කලින් දැනගන්න අවස්ථාවක් තිබුණේ නෑ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා එය පරිත්‍යාගයක් ලෙස හැඳින්වීමෙන් කාට හොරෙන් ඇමැතිවරුන් පත් කළත් ඇමැති ධූර දෙන්න කලින් දෙන්නෙක් එය දැනගත යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිතුමාගේ නිර්දේශය අනුවයි ජනාධිපතිතුමා ඇමැතිවරුන් පත් කරන්නේ. ඒ අනුව අගමැතිතුමා නොදැන ඇමැති මණ්ඩල ලේඛනය සකස් වෙන්න විදියක් නෑ. ඒ අනුව අගමැතිතුමා ප්‍රසිද්ධියේ මගේ පරිත්‍යාගය අගය කළා. මම පරිත්‍යාගයක් කළේ නැතිනම් එතුමට අගය කරන්න හේතුවක් නෑ.
ප්‍රශ්නය - මේ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ද?
පිළිතුර - මෙය ලෝකයේ තිබෙන ප්‍රශස්තම ඇමැති මණ්ඩලය නොවෙන්න පුළුවන්. ඔබ දන්නවා. ඇමෙරිකාවේ ජනාධිපතිට නම් රටේ ඕනෑම පුරවැසියෙක් ඇමැති මණ්ඩලයට පත් කළ හැකියි. හැබැයි අපේ රටේ ජනාධිපතිට ඇමැති මණ්ඩලයට පත්කරගතහැක්කේ ජනතාව තෝරාගත්ත සංචිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පමණයි. ඒ 225 තෝරන්නේ ජනතාව මිස වෙන කවුරුවත් නොවෙයි. සමහර අමාත්‍ය ධූර ගැන සමාජ මාධ්‍යවල විවේචන තියෙනවා අපිත් දැක්කා. ඒ විවේචනවලට අපූරු පිළිතුරකුත් ෆේස්බුක් එකේ මම දැක්කා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට කියනවා ‘උඹලා මට මාර, සපු ගෙනල්ලා දීලා ලස්සන කැබිනට් එකක් බලාපොරොත්තු වෙන්න එපා. උඹලට හොඳ කැබිනෙට්ටුවක් ඕනෑ නම් ඊළඟ පාර මැතිවරණයේදී මට තේක්ක, බුරුතු ටිකක් ගෙනත් දියල්ලා’ කියලා. ඉතින් මටත් රටට කියන්න තියෙන්නේ ඇමැති මණ්ඩලයේ සිටිය යුත්තේ දක්ෂ ඒ වගේම අවංක කැපවීමෙන් වැඩ කළ හැකි මහ ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී පුද්ගලයන්. උගත් කමටත් වඩා බුද්ධිමත් කමයි වැදගත්, මොකද අපි දන්නවා උගත් මෝඩයන් මේ රට බාරගත්තම මේ රටට වෙච්ච විපත්තිය.
ප්‍රශ්නය -නමුත් සමාජය පැත්තෙන් මතුවන හඬ තමයි උගතුන්ට රට බාරදිය යුතුයි කියන එක?
පිළිතුර - ඔව්. එහෙම රැල්ලක් තියෙනවා. මට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. මම වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් වගේම නීතිඥයෙක්. උසස් පෙළ විභාගය ලංකාවේ පළමුවැනියට සමත් වුණු කෙනෙක්. මේ වනවිටත් ආචාර්ය උපාධිය හදාරණ ශිෂ්‍යයෙක්. ඒ නිසා මගේ උගත්කම කවුරුවත් ප්‍රශ්න කරයි කියලා මම හිතන්නේ නෑ. නමුත් උගත් වූ පමණින් රට බාරදෙන්න හිතනවා නම් ඒක බරපතළ අවදානමක්. අපේ රටේ ඉන්නවා උගත් මෝඩයෝ. ඒ අයට යමක් කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිධුර දරපු අය අතර කොච්චර උගත්තු හිටියද? හිටපු අගමැතිවරයා උගත් නැද්ද? ආචාර්ය පට්ටම තිබුණ අයත් ඔය ඇමැති මණ්ඩලයේ හිටියේ නැද්ද? නමුත් වැඩේ කරගන්න පුළුවන් වුණාද? අර නූගත් මිනිහා දන්නේ ගමේදි නම් හොරෙන් කෙසෙල් කැනක් කපාගන්න. නගරෙදිනම් සුපිරි වෙළෙඳ සැලකට රිංගලා මොනවාහරි හොරකම් කරන්න. හැබැයි ඔය උගත් අය හොරකම් කරන්න පටන් ගත්තම මෙළෝ යකෙකුට අල්ලාගන්න පුළුවන් වෙන්නේ නෑ. මහබැංකු බැඳුම්කර වංචාව කළේ, ගල් අඟුරු වංචාව කළේ ටොප් ටෙන් හොරකම් කළේ උගතුන් මිස නූගතුන්නම් නොවෙයි. ඒ නිසා උගත්කම එකම නිර්ණායකය ලෙස සලකන්න එපා කියන එකත් මම අවධාරණය කරන්න කැමැතියි.
ප්‍රශ්නය -බලාපොරොත්තු වුණ තරම් ආදර්ශ නෑ කියලා තමයි සමාජයෙන් ඇහෙන්නේ?
පිළිතුර - මම නැවතත් කියනවා. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාව තෝරාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තමයි ඇමැති මණ්ඩලය පත් කරන්න වෙන්නේ. ඒ නිසා අද පත්කරලා ඉන්න අය නරකනම් ලබන මහ මැතිවරණයේදී හොඳ අය පත් කරන්න. අබ වපුරලා මුං බලාපොරොත්තු වෙන්න බෑනේ. ජනතාව තෝරාදෙන අය අතුරෙන් තමයි ජනාධිපතිතුමා ඇමැති මණ්ඩලය පත් කරන්නේ. එහෙමනම් උත්තරය තියෙන්නෙත් ජනතාව අතේ.
ප්‍රශ්නය -හාල් ගිනි ගණන්, බී ලූණු ගිනි ගණන්, ‘අපි අලුත්’ කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. ආණ්ඩුව මේවට විසඳුම් දිය යුතුයි?
පිළිතුර - හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ලංකාවේ මාසිකව එළවළු මිල, ධාන්‍ය මිල, නිකුත් කරනවා. එළවළු මිල පලතුරු මිල හා ධාන්‍ය මිල ඒකට හාලුත් අයිතියි. ඉහළම අගයක් ගන්නේ දෙසැම්බර් හා ජනවාරි මාසවලදී. වර්ෂාව වගේ කාරණාත් එක්ක විශේෂයෙන් එළවළු මිල ඉහළ යනවා. එතකොට මේක මේ ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි ආණ්‍ඩුව ආවා විතරයි. අපට දේශීය නිෂ්‍පාදනවල බිඳ වැටීමක් තියෙනවා නම් අපට ඒක සමථයකට පත් කරන්න පුළුවන්. පිටරටින් ආනයනය කරලා වෙළෙඳපොළේ එය සුලභ කිරීමෙන්. ඒක කරන්න මාසයක් වගේ කාලයක් යනවා. අද මේ මොහොතේ අධික බඩු මිලට වගකිව යුත්තේ දූරදර්ශීව කටයුතු නොකළ අකාර්යක්ෂම පසුගිය ආණ්‍ඩුවයි. ඒක ඉදිරි මාස තුනෙන් පස්සෙත් තියෙනවා නම් ඒ වගකීම මේ ආණ්ඩුවට බාරගන්න වෙනවා.
ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ ආණ්‍ඩුවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බැණ බැණ හිටියා. මේ ආණ්‍ඩුව යන්න හදන්නෙත් ඒ පාරේමද?
පිළිතුර - කිසිසේත්ම නෑ. මම ඔබට ඉතාම තාර්කිකව පෙන්වලා දුන්නා මාස තුනක් අප ගතකරන්නේ කලින් ආණ්ඩුවේ ප්‍රතිඵල මතයි. මාස තුනෙන් පස්සේ මේ කතාව අපට කියන්න බෑ කියන එකත් මම අවධාරණය කරනවා.
ප්‍රශ්නය - රාජ්‍ය ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ මණඩල සාමාජිකයන් පත් කිරීමේදී මහජනතාවට ඒවාට ඉල්ලුම් කළ හැකියි. විද්වත් මණ්ඩලයකින් තමයි පත් කරන්නේ. මේ ක්‍රමය ප්‍රායෝගිකද?
පිළිතුර - මේ සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර තියෙනවා. මා දැඩි ලෙස විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි අැමෙරිකාවේ තියෙනවා න්‍යායයක්. ඒ තමයි නායකයාගේ දර්ශනය විශ්වාස කරන අය රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවිය යුතුයි කියලා. උදාහරණයක් හැටියට අමාත්‍යාංශයක් යටතේ තියෙන දෙපාර්තමේන්තුවකට පත්කළ යුත්තේ පත්වීම් බලධාරියා වන ඇමැතිවරයාගේ දර්ශනය විශ්වාස කරන ඇමැතිවරයාට විශ්වාසවන්ත අයයි. හැබැයි ඒ තනතුරුවලට අවශ්‍ය නිර්ණායක ජනාධිපතිතුමා පත්කරන කමිටුවකින් පත්කළ හැකියි. යෝජනා කරන නම් අනුමත කරනවද? ප්‍රතික්ෂේප කරනවද? කියන එක කමිටුවකින් කරන්න පුළුවන්. ජනාධිපතිතුමා අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න උත්සාහ කරනවා. මේකත් එවැනි අත්හදා බැලීමක්. ඒක සාර්ථකද අසාර්ථකද කියලා කියන්න තවම ඉක්මන් වැඩියි.
අනිවාර්යයෙන්ම සියලුම බැඳුම්කර හොරුන් අත්අඩංගුවට ගත යුතුයි. හැබැයි හොරු කවුද කියලා තීරණය කරන්න යන්නේ නෑ. අපි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පාපොච්චාරණය කරමින් කියනවා පොලිසියට නීතිපතිට, අත්අඩංගුවට ගත යුත්තේ කාවද? නඩු පැවරිය යුත්තේ කාටද කියලා උපදෙස් දුන්නේ අනුර කුමාර දිසානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න යනාදීන් සිටි කමිටුවකින් කියලා. නමුත් අපි මෙතැන කිසිම දේශපාලන අත පෙවීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා.
ප්‍රශ්නය -ප්‍රාදේශීය සභාවක හෝ නොසිටිය නිසා ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරකම්වලදී ජනාධිපති ගෝඨාභය අනාගනී ද කියලා සැක මතු කරන අයත් ඉන්නවා.
පිළිතුර - ඒක හුඹස් බියකි. එතුමා ප්‍රාදේශීය සභාවකවත් නොසිටිය බව ඇත්තයි. හැබැයි අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් විදියට අවුරුදු දහයක් හිටියා. ඒ අමාත්‍යාංශයේ ඇමැතිවරයා කවුද? ජනාධිපතිතුමා වෙන අමැතිවරයෙක් පත් නොකර තබා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. ඇමැතිවරයෙක් නොවුණත් ඒ වගකීම හඳුනාගෙන කටයුතු කරන්න එතුමාට හැකියාව ලැබුණා.
ප්‍රශ්නය -ඔබ හිතන්නේ නැද්ද ඔය තර්ක දුර්වලයි කියලා?
පිළිතුර - නෑ. ඒක තමයි ඇත්ත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ඉදිරිපිට මොනතරම් අභියෝග තිබුණාද? කොටි ත්‍රස්තවාදය තිබුණා. ඒක ජයග්‍රහණය කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ජාත්‍යන්තර වටලාමකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලබා තිබෙන අත්දැකීම් ලංකාවේ වෙනත් දේශපාලනඥයෙක් ලබලා නෑ. කොහොමත් ඒ කාලේ තිබුණු ප්‍රබලම චෝදනාවක්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා තීන්දු ගත්තේ රාජපක්ෂවරුන්ගෙන් සමන්විත කුස්සි කැබිනෙට්ටුවකින් කියලනේ. එහෙම කියපු අයමයි දැන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිතිතුමාට අත්දැකීම් නැහැ කියලා. එතකොට මේ කතන්දර දෙකම එකවර ඇත්ත වෙන්න බැහැනේ. අත්දැකීම් නැහැ කියන එක සත්‍යයක් නම් එතුමා කුස්සි කැබිනෙට්ටුවේ සාමාජිකයෙක් කියලා කියපු චෝදනාව බොරු. ඒක ඇත්තක්නම් අත්දැකීම් නැහැ කියන කතාව බොරු, චම්පික රණවක, රාජිත සේනාරත්න, මංගල සමරවීර වැනි පච මෝල් අපට කියන්න ඕනෑ මේ බොරු දෙකෙන් පිළිගත යුතු බොරුව කියලයි.
ප්‍රශ්නය -ආණ්‍ඩුවට තවම මාසයක්වත් නැහැ. නමුත් කොළඹ ස්විස්ටසර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් සුදු වෑන් එකකින් පැහැරගෙන ගියා කියලා බරපතළ චෝදනාවක් එල්ල වෙලා තියෙනවා.
පිළිතුර - අවාසනාවකට මැතිවරණ සමයේදී ඇමැති රාජිත අධ්‍යක්ෂණය කරමින් කරළියට ගෙනා ගෝඨා විරෝධි නාටක අධ්‍යක්ෂණය කිරීමේ වගකීම ස්විස්ටර්ලන්තයේ තානාපතිවරයා බාර අරගෙන තියෙනවා. මේක පුලාපයක් පමණයි. පච නාටකයක් පමණයි.
ප්‍රශ්නය - නමුත් චෝදනාව බරපතළයි. ගින්නක් නැතිව දුමක් නගීද?
පිළිතුර - මේක බොරුවක් කියලා අපි කියන්නේ සාදක උඩයි. ස්විස්ටර්ලන්ත තානාපතිවරයා අපට කියනවා තමන්ගේ නිලධාරිනියක් පැහැරගෙන ගියාලු. එම නිලධාරිනියගේ නම කියන්න බැරිලු. එම නිලධාරිනියව පොලිසියට ප්‍රකාශයක් කරන්න ඉදිරිපත් කරන්න බැරිලු. හැබැයි වහාම පරීක්ෂණයක් කර වගකිව යුත්තන් නීතිය හමුවට පමුනුවන්නලු. මේක හරියට කාගෙ හරි අතපය හොඳට ගැට ගහලා දැන් ඉතින් පීනපං කියලා වැවට විසි කළා වගේ වැඩක්. ඒ නිසා මේ චෝදනාවේ අරමුණම දුෂ්ඨයි. ඒ වගේම මේ වෙනවිට පොලිසිය හොයාගෙන තියෙනවා තානාපති කාර්යාලයට අනුව මේ කාන්තාව පැහැර ගැනීමට ලක් වන්නේ තමන්ගේ දියණිය ඉගෙන ගන්නා ශාන්ත බිජට් කන්‍යාරාමයට පැමිණෙන අවස්ථාවේ කියලා. ඇය ගියේ කුලී රථයක. කුලී රථයේ රියැදුරාගෙන් පොලිසිය ප්‍රශ්න කළා. ඔහු කියනවා ඇය හයර් එක ගිය බව ඇත්තයි. එහෙත් ඇය ගියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට නොවෙයි කියලා. ගිය තැන හරියටම කිව්වා. ඒ ගෙදරට තට්ටු කරලා ඇහුවා ඒ ගෙදර අය කියනවා ඔව් එම නිලධාරිනිය ආවා. මම ස්විස්ටර්ලන්තයට යන්න වීසා ඉල්ලලා තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න අපේ ගෙදරට ආවා කියලා. සීසීටීවී දර්ශන පරීක්ෂා කළාම පාරේ ඉන්න පදික වෙළෙන්දන්ගෙන් ප්‍රශ්න කළාම ඇය ගියා කියන මාර්ගයේ පැහැර ගැනීමක් ගැන කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා මේක අලුත් ආණ්ඩුවට බොරු චෝදනා නඟා අපහසුතාවයට පත් කිරීමට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සිතා මතා ගෙතු කතාවක්.
ප්‍රශ්නය -ඔවුන්ට ඒ සඳහා තියෙන අවශ්‍යතාව?
පිළිතුර - ඒක විමසිය යුත්තේ ඔවුන්ගෙන්. අනික් කාරණය තමයි මේ නිලධාරිනිය ශ්‍රී ලාංකික කාන්තාවක් වියානා සම්මුතියේ 38.2 වගන්තිය යටතේ ඇයට තානාපති මුක්තියක් ලැබෙන්නේ නැහැ. එහෙම නම් ශ්‍රී ලාංකික කාන්තාවක් රඳවාගෙන ඉන්න ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට කිසිම අයිතියක් බලයක් නැහැ. අපට මෙතැන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. මේ කාන්තාව ඇත්තටම තානාපති කාර්යාලයේ රැඳී සිටිනවද? එහෙම නැත්නම් තානාපති කාර්යාලය මේ බොරු කතාව හදලා මේ නිලධාරිනියව බලහත්කාරයෙන් තියාගෙන ඉන්නවද කියලා. ශ්‍රී ලාංකික පුරවැසියෙක් තානාපති කාර්යාලයක බලහත්කාරයෙන් රඳවාගෙන තියාගන්න ස්විස්ටර්ලන්ත තානාපතිට කිසිම අයිතියක් නෑ.
ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
පිළිතුර - අපි මේ ගැන ජාත්‍යන්තරයට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය -ඉස්සර පොලිසියට බයේ හොරා පැන්නා. දැන් හොරුන්ට බයේ පොලිසිය රට පනිනවා. මොකද්ද මේ වෙන්නේ?
පිළිතුර - මොන හොරාට බයේ ද මොන පොලිස් නිලධාරියා ද රට පැන්නේ? කිසිම හොරකමක් සම්බන්ධයෙන් පරීක්ෂා කළ පුද්ගලයෙක් නොවෙයි නිශාන්ත සිල්වා කියන පොලිස් නිලධාරියා ඔහු පරීක්ෂා කළේ රණවිරුවන්ට එරෙහිව දාපු නඩු. ලසන්ත ඝාතනය, තාජුඩීන් මරණය සහ එක්නැලිගොඩගේ අතුරුදන්වීම ගැන තමයි ඔවුන් පරීක්ෂා කළේ. රණවිරුවන් කියනවා මේ ඝාතන, අතුරුදන්වීම්වලට නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට ප්‍රකාශ කළොත් ඔබට බටහිර රටක පවුල් පිටින් පදිංචි කරවන්නම් කියලා නිශාන්ත සිල්වා කිව්වා කියලා. ඔහු දන්නවා ඔහු කළ වරද? ඔහු දන්නවා ඔහු කළ අපරාධ, ඒ නිසා තමන්ට හිරේ යන්න වෙන බව දන්න නිසයි රටින් පැන්නේ. රටින් පැනලා ගියේ හොරෙක්. තක්කඩියෙක් මිසක් පොලිස් නිලධාරියෙක් නොවෙයි. අවංක පොලිස් නිලධාරියකුට චෝදනාවක් එල්ල වුණත් පැනලා යන්නේ නෑ. ඒවාට මුහුණ දෙනවා. අපටත් බොරු චෝදනා එල්ල කළා. අපිට ඕනෑම බටහිර රටකට පැනලා යන්න ඕනෑ තරම් අවස්ථාව තිබුණා. අපිත් බටහිර රටවල ඉගෙන ගෙන, ඒ විශ්වවිද්‍යාලවල සේවය කරලා ඉන්නේ. අපිට ආපහු ඕනෑම වෙලාවක ඒ රටකට ගිහින් සේවය කරන්න පුළුවන්. නමුත් අපි චෝදනාවලට මුහුණදීලා නම පිරිසිදු කරගත්තා මිසක් පැනලා ගියේ නෑ. පැනලා යන්නේ තක්කඩියෝ. පැනලා යන්නේ හොර ගෙඩියෝ. තමන් කවුද කියලා නිශාන්ත ද සිල්වා ඔප්පු කළා විතරක් නොවෙයි ස්විස්ටර්ලන්තය කියන්නේ අපරාධකරුවන්ට රැකවරණය දෙන ක්ෂේම භුමියක් කියන එකත් ලෝකයට ඔප්පු කරලා ඉවරයි.
ප්‍රශ්නය - ලසන්ත ඝාතනය වීම, තාජුඩීන් මරණයට පත්වීම, එක්නැලිගොඩ අතුරුදන්වීම ඔවුන් විසින්ම කරගත්ත එ්වා බවට පත්වේවි.
පිළිතුර - විමර්ශන කළ අය කවුද? ඔබට මතක ඇති 2009 ජනවාරි මාසයේදී එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා ලසන්ත ඝාතනයට වගකිව යුත්තේ සරත් ෆොන්සේකා කියලා. හැබැයි ඒ අවුරුද්දෙම අග වෙනකොට සරත් ෆොන්සේකා මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙනවා. අන්න එතකොට ලසන්ත ඝාතනයේ චෝදනාව ගෝඨාභය රාජපක්ෂට යොමු කරනවා. එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන එක්සත් ජාතික පක්ෂය එකහෙලාම කිව්වේ චම්පික රණවක ඇමැතිවරයා එයට වගකිව යුතුයි කියලා. නමුත් 2015දී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයට එකතු වෙනවා. ඒ එක්කම ඒ චෝදනාවත් ගෝඨාභය රාජපක්ෂ නම ඉදිරියෙන් තිබ්බා. සියලුම කුණු බේරුවල් බොක්කට වගේ තමන්ගේ පැත්තට පැන්න එවුන්ට තිබුණ චෝදනා ගෝඨාභය මැතිතුමාට එල්ල කළා. පහුගිය ආණ්ඩුවට බලය දුන්නේ ඕවා ගැන හොයන්න තමයි. නමුත් හෙව්වේ නෑ. හෙව්වේ නැත්තේ ඇයි? හෙව්වානම් තමන්ගේම කැබිනට් එකේ ඉන්න පිරිස්ම තමයි අත්අඩංගුවට ගන්න වෙන්නේ.
ප්‍රශ්නය -දැන් ආණ්ඩුව ඔබේ පරීක්ෂණ කරනවද?
පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්. වැරැදිකරුවන් අත්අඩංගුවට අරගෙන දඬුවම් කරනවා. ඒක අපි නොවෙයි කරන්නේ. නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරලා අපි බලාගෙන ඉන්නවා. ඒවා වෙන්නේ හොර කමිටු ඇතුළේ නොවෙයි.
ප්‍රශ්නය -පාර්ලිමේන්තු සැසිවාරය කල් තිබ්බා. ඒ හරහා බැඳුම්කර හොරු ආරක්ෂා වුණා කියලත් කියනවා.
පිළිතුර - ඒක පට්ටපල් බොරුවක්. සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා තමන්ගේ දන්නාකම ප්‍රදර්ශනය කරන්න ගොස් නොදන්නා කම ප්‍රදර්ශනය කරලා තියෙනවා. 2015දී පාර්ලිමේන්තුව කඩිමුඩියේ විසුරුවා හැරීමෙන් ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව සදාකාලිකව වැළලුණා. ඇයි අපි එහෙම කියන්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරියම කෝප් කමිටුවත් විසුරුවා හැරෙනවා. ඒ කෝප් කමිටුව යළි සැකසෙන්නේ නැති නිසා ඒ කමිටු වාර්තාව කවදාවත් ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. නමුත් මේ තත්ත්වය අද වෙනස්. වෝහාරික විගණන වාර්තාව සකස් කරන්නේ කෝප් කමිටුවෙන් නොවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව, ඒක අධ්‍යයනය කිරීමට කෝප් කමිටුවට තිබුණ අවස්ථාවක තමයි පාර්ලිමේන්තු සැසිවාරය කල් තියන්නේ. කොහොමත් මේ වාර්තාව කෝප් කමිටුව අධ්‍යයනය කළත් නිර්දේශයක් කරනවා හැරෙන්න ඒ අයට වෙන දෙයක් කරන්න බැහැ. කොහොමත් මේ වාර්තාව නීතිපතිට යවලා තියෙන්නේ. නඩු දාන්න ඕනෑ නීතිපති, ඒ වගේම මේ වාර්තාව හදපු මහ බැංකුවේ මේ වාර්තාව තියෙනවා. මේ වාර්තාව ඕනෑම කෙනෙකුට මහ බැංකුවෙන් ගත හැකියි. මේක කෝප් කමිටු වාර්තාවක් නොවෙයි. පාර්ලිමේන්තුව යළි කැඳෙව්වාම අලුත් කෝප් කමිටුවක් හැදෙනවා. ඒ කෝප් කමිටුවේදී මේ වාර්තාව අනිවාර්යයෙන්ම සලකා බලනවා. ඔය විසුරුවා හැරුණු කෝප් කමිටුවෙන් තමයි දේශපාලකයෝ නිදහස් කරලා නිලධාරීන්ට පමණක් වරද පැටෙව්වේ. ඒකේ කිසිම දේශපාලකයෙක් වැරැදි කාරයෙක් කරලා නෑ. ඒ නිසා ඒ විදියට පක්ෂග්‍රාහී විදියට නොවෙයි අලුත් කෝප් කමිටුව නිසි අධ්‍යයනයක් කරලා සැබෑ වැරැදිකරුවන් නීතිය හමුවට ගෙනයන්න නිර්දේශ ලබාදෙයි.
ප්‍රශ්නය - අර්ජුන් මහේන්ද්‍රන්ගේ තත්ත්වය කොහොමද? ඔහු කුදලගෙන එනවද?
පිළිතුර - අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවෙන් පැන යන්න හදන බවත් ඊට පෙර ඔහු අත්අඩංගුවට ගතයුතු බවත් මම අවස්ථා තුනකදී කිව්වා. තොරතුරු ලැබුණ නිසයි මම එහෙම කිව්වේ. නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒකට කිසිම පියවරක් ගත්තේ නෑ. ඔහු රට පැන්නට පස්සේ වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. ඒ සම්බන්ධ සියලු තොරතුරු සිංගප්පූරු ආණ්ඩුවට දීලා තියෙනවා. සිංගප්පූරු ආණ්ඩුව ලබාදෙන සහයෝගය මත තමයි ඔහු නැවත මේ රටට ගේන්න පුළුවන් වෙන්නේ.
ප්‍රශ්නය -ඩීල් නැත්නම් බැඳුම්කර හොරු අල්ලන්න කියලත් අභියෝගයක් තියෙනවා?
පිළිතුර - අනිවාර්යයෙන්ම සියලුම බැඳුම්කර හොරුන් අත්අඩංගුවට ගත යුතුයි. හැබැයි හොරු කවුද කියලා තීරණය කරන්න යන්නේ නෑ. අපි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පාපොච්චාරණය කරමින් කියනවා පොලිසියට නීතිපතිට, අත්අඩංගුවට ගත යුත්තේ කාවද? නඩු පැවරිය යුත්තේ කාටද කියලා උපදෙස් දුන්නේ අනුර කුමාර දිසානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න යනාදීන් සිටි කමිටුවකින් කියලා. නමුත් අපි මෙතැන කිසිම දේශපාලන අත පෙවීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා.
ප්‍රශ්නය - ජනාධිපති ගෝඨාභය ඉන්දියාවට ගිහින් කිව්වා 19 වැනි සංශෝධනය වෙනස් කරනවා කියලා. 19න් අගමැතිවරයාගේ බලතල වැඩි වුණා. ඒ තත්ත්වය තුළ අගමැති මහින්ද ඒ සංශෝධනයට ඉඩ දෙයිද?
පිළිතුර - 19 වැනි සංශෝධනය හරහා විධායකයේ දෙන්නෙක් බිහි කළා. යම් බලතල තියෙනවා ජනාධිපතිට, යම් බලතල තියෙනවා අගමැතිට. මේ විධායකය හරහා භේරුණ්ඩ පක්ෂියා වගේ. හිස දෙකේ භේරුණ්ඩ පක්ෂියාට ඒ හිස් දෙක කරදරයක් වගේම මේ 19 වැනි සංශෝධනයෙන් බිහිකළ විධායකය මේ රටේ ඉදිරි ගමනට බාධාවක්. ඇමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් වන ද හෙරිටේජ් ෆවුන්ඩේසන් තමන්ගේ එක් පර්යේෂන පත්‍රිකාවක සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ඇති ලොකුම බාධාව ජනපතියි - අගමැතියි අතර තිබෙන ගැටුම කියලා. 19 වැනි සංශෝධනයෙන් පස්සේ අයියයි මල්ලියි ජනපති හා අගමැති වුණේ නැත්නම් මේ රට පාලනය කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අපේ කඳවුරේ මමත් ඇතුළු යම් පිරිසක් විශ්වාස කරනවා විධායක ජනාධිපතික්‍රමය තිබිය යුතුයි කියලා. තවත් පිරිසක් හිතනවා විධායක ක්‍රමය වෙනුවට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය තිබිය යුතුයි කියලා. හැබැයි මේ දෙගොල්ලොම ඒකමතික අදහසක ඉන්නවා. 19 වැනි සංශෝධනය ඉවත් කළ යුතුයි කියලා. ඒ නිසා 19 ඉවත් කරන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු සමස්ත කඳවුරම එකඟයි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්