ගෝඨාභය එළවපු මිනිස්සු අද ඒ ගැන කනගාටු වෙනවා


 මහින්දානන්ද අලුත්ගමගේ

  • මහින්දානන්දට ගුවන්තොටුපොළේදී  මොකද වුණේ?

හිටපු ඇමැතිවරයකු වූ පොදුජන එක්සත් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පදුගියදා විදේශ ගත වන්නට කටුනායක ගුවන් තොටුපොළට ගිය අවස්ථාවේ ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව සඳහන් කරමින් ආපසු හරවා එවා තිබුණි. පාතාලයට සම්බන්ධ පුද්ගලයකු හා ඔහුගේ නම සම්බන්ධ පටලැවිල්ලක් නිසා එසේ සිදුව තිබුණි. එය මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්විය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ප්‍රශ්න ගණනාවක්ද පැන නැගී තිබෙන මොහොතක අපි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මෙම පිළිසඳරට ඇරියුම් කළෙමු.

ප්‍රඇත්තම කියන්න පළාත් පාලන ඡන්දය තියන්නෙම නෑ නේද?   


පිළිතුර:- ඇයි ඔබ එහෙම අහන්නේ?   


ප්‍රඒ වෙනුවෙන් ගහන්න පුළුවන් සියලු දහම් ගැට ආණ්ඩුව ගහන බව පේන නිසා?   


පිළිතුර:- නෑ. මැතිවරණයක් එයිද නැද්ද කියලා මට කියන්න බෑ. පක්ෂයක් හැටියට මට කියන්න පුළුවන්කම තියෙන්නේ ඕනැම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම් කියලයි. ආසන සංවිධායකවරයෙක් හැටියට මේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිවරණයකට සීයට සීයක් සූදානම්. මොකද ලංකාවේ කොහේවත් නොකරපු සංවිධානයක් මම මගේ නාවලපිටිය ආසනයේ කළා. මම මේ පළාත් පාලන මැතිවරණයකට රැස්වීම් 150 ක් තිබ්බා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනල්ලා සුවිශාල රැස්වීමක් කළා. ඒ නිසා ඕනෑම මැතිවරණයක් හෙට තිබ්බොත් නාවලපිටිය දිනන්න මම ලෑස්තියි.   


ප්‍රඔබ සූදානම් වුණාට පක්ෂය සූදානම් නෑ නේද?   


පිළිතුර:- ඇයි පක්ෂයත් සූදානම්. ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට සූදානම්. ඒ විතරක් නොවෙයි දිනන්නත් සූදානම්.   


ප්‍රඑහෙනම් ඇයි මේ විවිධ හේතු දක්වලා වංගු ගහන්නේ?   


පිළිතුර:- මෙහෙමයි. මෙතැනදි අපි පිළිගන්න ඕනැ රටේ බරපතළ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපට මේ වෙලාවේ ලොකු ප්‍රජාතන්ත්‍රවාදමද? රටද? ඉතිහාසයේ ගත්තොත් 98 දී 2000 දී 2005 දී 2017 දී රටේ පවතින අර්බුදයත් එක්කම මැතිවරණ කල් දාලා තියෙනවා. 1987 ගත්තොත් ඉන්දු - ලංකා ගිවිසුම එක්ක ගත්තොත් පළාත් පාලන මැතිවරණය අවුරුදු 5 කින් කල් ගියා. කොවිඩ් එකත් එක්ක මහ මැතිවරණය මාස 4 කින් කල් ගියා. 2015 දී සීමා නිර්ණය නිසා පළාත් පාලන මැතිවරණය අවුරුදු 3 කින් කල් ගියා. ඒ නිසා ඉතිහාසය දිහා බැලුවම රටේ පවතින අර්බුදත් එක්ක මැතිවරණ කල් ගිහින් තිබෙනවා. මේ වෙනකොට රටේ බරපතළ ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදත් හමුවේ පොඩි කාලයකට මැතිවරණයට මුදල් ලබාදීමේ අමාරුවක් රජයට තියෙනවා.   


ප්‍රආණ්ඩුවට සල්ලි නැති නිසා ද ඡන්ද නැති නිසාද ඡන්දය කල් යවන්නේ?   


පිළිතුර:- 2015 දී පළාත් පාලන ඡන්දය කල් දැම්මා. එදා ඔය ජේවීපී එක කොහේද හිටියේ? පළාත් සභා සිතියම වැහුවා. අනුර කුමාරලා වචනයක් කතා කළාද? අද ඔය කෑගහන සජිත් ප්‍රේමදාසලා, අනුර කුමාරලා තමයි ඔය ඡන්දය කල්දැම්මේ. එදා ඒ ගොල්ලො කොහේද හිටියේ?   


අද මේ රටේ පොඩි ළමයකුට වුණත් පේනවා රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. මිනිසුන්ට ජීවත්වෙන්න බෑ. දැන් තමයි මිනිස්සු හුස්ම ගන්නේ? දැන් තමයි ඩොලරය බහින්නේ. දැන් තමයි ආහාර උද්ධමනය සියයට 95 සිට සියයට 55.2 දක්වා පහළ බැස්සේ. ඒ වගේම ඩොලරය 378 ඉඳලා 320 දක්වා පහළ බැස්සා. රුපියල් මිලියන 20 යි තිබුණ සංචිත. දැන් යූඑස් මිලියන 2.7 යි. සංචාරකයෝ පැමිණීම සියයට 261 කින් ඉහළ ගිහිල්ලා. මීට අවුරුද්දකට කලින් තිබුණ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අප්‍රේල් මාසය වෙනකොට විදුලි බිලත් තෙල් මිලත් අඩුවෙනවා. බඩුමිල අඩුවෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයක් රකින්න රටක් තියෙන්න එපැයි. ඒ නිසා රජය පැත්තෙන් කියන්නේ ‘අපිට පොඩි කාලයක් දෙන්න’ කියලයි. එහෙම නැතිව අවුරුදු ගානක් මැතිවරණ කල්දාන්න කියලා නෙවෙයි. මේ ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉතාම ඉක්මනින් මැතිවරණය තියෙනවා. 

 

ඡන්දෙදි බලමු කවුද දිනන්නේ කියලා. සජිත් ප්‍රේමදාස පච පච ගෑවට ඒ පක්ෂය ඇතුළේ බරපතළ අර්බුදයක් තියෙනවා. එයාට විරුද්ධව කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. චම්පික, වෙල්ගම වෙනම ඉන්නවා. ෆොන්සේකා වෙනම ඉන්නවා.
හෙට අනිද්දට රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට කණ්ඩායමක් එන්න ඉන්නවා. ඒ නිසා ඒ අය අපට අභියෝගයක් නොවෙයි. නාවලපිටියෙ රැස්වීමට මිනිස්සු 300 යි. කොත්මලේ රැස්වීමට මිනිස්සු 500 යි. මහින්දානන්දගේ ‘පොකට් මීටින්’ එකක ඔයිට වඩා සෙනඟ ඉන්නවා

 
ප්‍රඔබේ ජනාධිපතිවරයාට රටින් පලායන්න වුණා. අගමැතිවරයා ඇතුළු කැබිනට් එකට ඉල්ලා අස්වෙන්න වුණා. ඔබටත් ඇමැතිකම් නැතිවුණා. මේ පරිසරය තුළ මැතිවරණයකට යන්න භයක් ඇතිවෙන එක සාධාරණයි? 

 
පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ එලවපු මිනිස්සු අද ඒක ගැන කනගාටුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ දේශපාලනඥයන්ට තිබෙන ලොකුම චෝදනාව වන දූෂණය නමැති චෝදනාව එල්ල නොවුණු ජනාධිපතිවරයෙක්. එතුමා හොරෙක් කියලා කවුරුවත් කියනවද? ගෝඨාභය රාජපක්ෂ මේ රට දෙකට කළා කියලා කවුරුවත් කියනවද? එතුමට රාජ්‍ය දේපොළ වික්ක කියලා චෝදනා තියෙනවද? මේ රටේ පාතාලයට කුඩුවලට එතුමා උදව් කළා කියලා කියනවද? එතුමා වාහන පිරිවරාගෙන ගියා කියලා කියනවද? ඒ වගේම දේපොළ මිලදී ගත්ත කියලා චෝදනා තියෙනවද? එතකොට මේ ගැහුවේ කාටද? මේ රටේ මිනිස්සු හරිද? මේ වගේ නායකයන්වද එළවන්න ඕනැ? ඒ නිසා මම නම් ගෝඨාභය රාජපක්ෂ එළවන්න දායකවුණ හැම කෙනාටම කියන්නේ ඔවුන්ට අවසන් මොහොතේ හරි දුක්වෙන්න වෙනවා කියලයි. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආපු නායකයෙක් තමයි එළෙව්වේ. ඒ වගේ රාජ්‍ය නායකයෙක් එලවීම ගැන ඒ ජනතාවට කනගාටුවෙන්න වෙයි.   


ප්‍රඅයිඑම්එෆ් සහයෝගයක් ලැබෙනවා. අධික බදුගහලා භාණ්ඩාගාරයත් පුරවා ගන්නවා. එහෙම නම් කොහොමද ඡන්දෙ තියන්න සල්ලි නෑ කියන්නේ?   


පිළිතුර:- අධික ලෙස බදු ගහනවා කිව්වට ඔබ දන්නවද මේ රටේ ජනගහණය මිලියන 22 යි. එයින් රුපියලක් හරි බදු ගෙවන්නේ පෞද්ගලික බදු ලිපිගොනු තියෙන්නේ විසිපන්දාහයි. සමාගම් එක්ලක්ෂ පන්දහකින් බදු ගෙවන්නේ පහළොස්දාහයි. එහෙමනම් ඔබ කොහොමද කියන්නේ බදු ගෙවනවා කියලා. නෑ. මේ රටේ මිනිස්සු ඉන්නේ බදු වංචා කරන්නයි. අනික මෙතැන අලුතෙන් බදු ගහලා නෑ. 2019 දී අයින් කරපු බදු තමයි මේ නැවත දාලා තියෙන්නේ. කවුද කියන්නේ බදු වැඩි කරලා කියලා. අපි දන්නවා මේ ආර්ථික අර්බුදය ඇතුළේ බදු වැඩි කළා. ඒත් මිනිසුන්ට අමාරුයි. ඒක අපි පිළිගන්නවා. ඒත් අපි රට ගෙනියන්නේ කොහොමද? නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට, පාරවල් හදන්න. ජනගහනයෙන් සියයට පනහකට සහනාධාර දෙන්න ඕනෑ. ඉතින් කොහොමද කරන්නේ? ඒක තේරුම් ගන්න එපැයි.   


ප්‍රබදු අය කිරීමත් ආණ්ඩුවේ වගකීමක්. ඒක නොකර ඒ බරත් ජනතාවගේ පිට පටවනවා?   


පිළිතුර:- ජනතාව මත බදු බර පටවනවා නොවෙයි. 2019 දී බදු සහනයක් දුන්නා. ඒ බදු සහනය අයින් කළා. එහෙම නැතිව අලුතෙන් එකතු කරපු බද්දක් මෙතන නෑ. බදු සහනය දුන්නා ගෝඨාභය රාජපක්ෂ තියාගත්තද? ඒ මනුස්සයට ගහලා එලෙව්වා. 

 
ප්‍රගෝඨාභය රාජපක්ෂ බදු සහන දුන්නේ තමන්ගේ ගජ මිතුරන්ටයි? 

 
පිළිතුර:- කොහෙද ගජ මිතුරන්ට බදු සහන දුන්නේ? දොස්තරට, රාජ්‍ය සේවකයන්ට මේ හැමෝටම ඒ සහනය දුන්නා.   


ප්‍රපක්ෂ පාට බේදයකින් තොරව සියලු වෘත්තීය සමිති අද සටනට බැහැලා. ආණ්ඩුවට වගේ වගක් නෑ? 

 
පිළිතුර:- ඔබට තේරෙන්නේ නැද්ද මේ අරගල පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. මේ වෛද්‍යවරු උදේට වර්ජන. සවසට වැඩ. ඒ කියන්නේ ‘ප්‍රයිවෙට් ප්‍රැක්ටිස්’ කරනවා. වර්ජනයනම් වර්ජනය. වර්ජනය නම් හවසට කොහොමද ‘ප්‍රයිවෙට් පැක්ට්‍රිස්’ කරන්නේ. ඒක සදාචාරාත්මකද කියලා අහන්න දොස්තරලාගෙන්. වර්ජනය කරන්නේ ආයතන කිහිපය දැන් බලන්න 20 වැනිදා අයිඑම්එෆ් එක එනවා. 20 වැනිදා වෙනකම් මේ අය ස්ට්‍රයික් කරනවා. මේ හදන්නේ අයිඑම්එෆ් ණය නතර කරන්නනේ. අයිඑම්එෆ් එක බොහොම පැහැදිලිව කියනවා මේ බදු ක්‍රමය ඉතාම හොඳයි’ කියලා.   


ප්‍රඒ කියන්නේ බදු ගැහුවේ අයිඑම්ෆ් එක සතුටු කරන්න?   


පිළිතුර:- ඒ අය ණය දීමේ එක් හේතුවක් තමයි මේ බදු ක්‍රමය. එතකොට ඒ සල්ලි දෙන එක නවත්වන්න. රට තවතවත් අරාජික කරන්න තමයි මේ ස්ට්‍රයික් කරන්නේ. ඒ නිසා පළමු වැනියට මේ ඔය කතා කරන අය තමන්ගේ යුතුකම් හරියට ඉටු කරනවද අහන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ‘මට සුළු කාලයක් දෙන්න.’ මේ බදු දිගටම තියාගන්නේ නෑ’ කියලයි. රටේ ආර්ථිකය හරියන කම් කෙටි කාලයක් දෙන්න කියලයි කියන්නේ. මාස 6 කි සහනයක් දෙන්නම් කියලා එතුමා කියනවනේ. ඇයි අපි කාටත් රට වෙනුවෙන් කැප කිරීමක් කරන්න බැරි. දුප්පත්ම මිනිහට පුළුවන් නම් කෝටි ගානක් හම්බ කරන මිනිසුන්ට යම් කැප කිරීමක් කරන්න බැරි ඇයි? විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩිය කීයද? ලක්ෂ 7 යි, 8 යි, 9 යි, 10 යි. ඇයි ඒ අයට බද්දක් ගෙවන්න බැරි? පොඩි මිනිහට විතරද පුළුවන්. රාජ්‍ය සේවයේ ඉන්නවා දාහතර ලක්ෂ අනූහත්දාහක් විතර. ඒකෙන් අනූහත්දහකට විතරයි බදු ගහන්නේ. දාහතර ලක්ෂයකට බදු නෑ. මේ රටේ මේ සියයට 8 යි වර්ජනය කරන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දොස්තරවරුන්ට සහ ඉංජිනේරුවන්ට විතරයි මේක බලපාන්නේ. අනික් අයට බලපාන්නේ නෑ. ඒ නිසා ඒ අයත් බුද්ධිමත්ව මේ වෙලාවේ රට ගැන හිතන්න ඕනැ. 

 
ප්‍රඇමෙරිකානු තානාපතිනිය කියනවා ‘පළාත් පාලන ඡන්දය අත්‍යවශ්‍යයි’ කියලා. ඡන්දය තියන්න කියලා ජාත්‍යන්තර බලපෑමකුත් එල්ල වෙනවා?   


පිළිතුර:- ජාත්‍යන්තරයෙන් එහෙම එන්න පුළුවන්. ඒත් කවුරුත් මහ පොළොවේ යථාර්ථය තේරුම් ගන්න එපැයි. ඇ​ෙමරිකානු තානාපතිතුමියටත් ඒක වළංගුයි. සල්ලි නැත්නම් අපි අච්චු ගහන්නද? අපිට සල්ලි අච්චු ගහන්නත් බෑ. කොයිදේටත් කලින් මිනිස්සු ජීවත් කරවන්න එපැයි. අපි රට හදලා ඊට පස්සේ ඡන්දයකට යමු. ආර්ථිකය ගැට ගහගන්න කම් පොඩි කාලයකට මේ ඉල්ලන්නේ. එහෙම නැතිව හැමදාටම නොවෙයි. ජාත්‍යන්තරයටත් මේක නොතේරෙනවා නොවෙයි හොඳට තේරෙනවා.   


ප්‍රසමගි ජනබලවේගයත් ජාතික ජන බලවේගයත් මැතිවරණ පොර පිටියේ හාස්කම් පානවා. මේ ඔක්කොම තර්ක ඒ භය නිසා නේද?   


පිළිතුර:- නෑ. නෑ. නෑ මාලිමාව ගන්නකෝ. මාලිමාවට අපේ කිසිම භයක් නෑ. මේ රටේ මිනිස්සු වැටෙන ලොකුම අගාධය තමයි මාලිමාව විශ්වාස කරනවා නම් විශවාස කිරීම. මේ මාලිමාව වෙනුවෙන් හිටගත්ත මිනිස්සු ගැන අපට කනගාටුයි. 

 
ප්‍රඇයි එහෙම කනගාටු වෙන්නේ? 

 
පිළිතුර:- අනුර කුමාර දිසානායක කියන්නේ කවුද? ඔබට මතකද යුද්ධය තීරණාත්මක මොහොතේ 2008 දී අපි යුද්ධය ජයග්‍රහණය කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අයවැය පරාජය කරන්න කටයුතු කළේ ඔය ජවිපෙම තමයි. ඒ වෙලාවේ අයවැය පරාජය වුණා නම් තාමත් මේ රටේ මිනිස්සු යුද්දෙන් මැරෙනවා. ඒ තීරණාත්මක අවස්ථාවේ අපේ හමුදාව බර අවිවලින් ගහනවා කියලා ​ජේවීපී එකේ පත්තරෙන් ගැහුවා. අනුර කුමාර දිසානායක තමයි යුද්ධය අවසන් කරනවාට එරෙහිව නැගී සිටිය කෙනා.   
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තව ජාතික ලැයිස්තුවට දැම්මේ කවුද? අන්තවාදීන් එක්ක සම්බන්ධකම් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට කියලා ඔප්පු වුණා. ඒ පිළිබඳව සැකයක් නෑ. ගෝල්ෆේස් අරගලය පිටිපස්සෙත් එල්ටීටීඊ ඩයස්පෝරාව හිටියේ. ඒ ගොල්ලොම කියනවා ‘අරගලයට සල්ලි දුන්නා’ කියලා. ඒ අරගලය පිටිපස්සෙ හිටියෙත් ජනතා විමුක්ති පෙරමුණ. දැන් 13 ටත් සහාය දෙනවලු. ඔබට තේරෙන්නේ නැද්ද මේ මොකක්ද කියන්නේ කියලා. 13 ට සහාය දෙනවා නම් 2008 දී අයවැය පරාජය කරන්න උත්සාහ කළා නම් මරාගන මැරන බෝම්බකාරයන්ගේ තාත්තට ජාතික ලැයිස්තුව දුන්නා නම් අරගලයට එල්ටීටීඊ ඩයස්පෝරාව නම් සල්ලි දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මොකක්ද කියලා මේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද? ඒක තේරුම් ගන්නේ නැත්නම් මේ රටට මොකක්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් වේවා මේ අයට බලය දුන්න දවසට. ජනතා විමුක්ති පෙරමුණේ කවුද ඉන්නේ මේ රට හදන්න පුළුවන් කෙනෙක්. තේ කඩයක් කරපු නැති මිනිහෙකුට පුළුවන් ද රටක් හදන්න. 

 
ප්‍රඕවා ඔක්කොම පැරණි තැටි. අද රටේ අලුත් දේශපාලන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ?   


පිළිතුර:- ඉතින් අලුත් තත්ත්වය මොකක්ද? හොරු අල්ලන්න එනවා කියලනේ කියන්නේ. ඒ වුණාට මේ පාර ඉදිරිපත් කරලා තියෙන ලැයිස්තුවල ඉන්නේ පට්ට හොරුනේ. චීන අසූචි නැව ගෙනාපු එකා මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලනවනේ. බාලඅපරාධකාරයන් මිනිස් අවයව ජාවාරම්කරපු එවුන් මන්ද මානසික තරුණියන් දූෂණය කරපු එවුන් ඡන්දෙ ඉල්ලනවනේ. 

 
ප්‍රඔබලා මාලිමාවේ අපේක්ෂකයන්ගේ වංචා දූෂණ හොරකම් ගැන කතාකරන්නේ. අපි විතරක් නොවෙයි ඒ අයත් හොරු කියලා කියන්න නේද?   


පිළිතුර:- අපි හොරු කියලා කොහේද ඔප්පු වෙලා තියෙන්නේ? අනුර කුමාර දිසානායකව හොරු අල්ලන කොමිසමේ සභාපති කළා. එයාට පොලිස් බලතල, සී.අයි.ඩී. බලතල අධිකරණ බලතල දුන්නා. එයාගේ පෞද්ගලික ලේකම් වෙලා හිටපු කෙනා ඒ හොරු අල්ලන කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරියා කළා. නමුත් කවුද අල්ලපු හොරා. එහෙම නම් අපි හොරු කියලා කොහොමද කියන්නේ? අපිට හොරු කියලා චෝදනාවක් එල්ල කළා. එහෙම කරලා පට්ට හොරු සෙට් එකක් ඒගොල්ලන්ගේ ලැයිස්තුවට දානවා. මම ළඟදීම නම් ගම් සහිතව දීර්ඝ විස්තරයක් එළියට දානවා. එතකොට මිනිස්සු තේරුම් ගනීවි. මේ රටේ මිනිස්සු අඳ ගොලු බිහිරි අය නොවෙයිනේ.   


ප්‍රඡන්දය තියලා මිනිසුන්ටම තීරණය කරන්න අවස්ථාව දුන්නා නම් ඉවරයිනේද?   


පිළිතුර:- ඒ අවස්ථාව දෙනවා. මැතිවරණය දෙනවා. කවුද කිව්වේ මැතිවරණ දෙන්නේ නෑ කියලා. සල්ලි ලැබුණු ගමන් මැතිවරණ කොමිසම ඡන්දය තියයි. පළාත් සභා වගේ පළාත් පාලන මැතිවරණය අකුලන්න බෑ. ඒ මැතිවරණය අනිවාර්යයෙන්ම තියන්න ඕනැ. පළාත් පාලන මැතිවරණය තිබ්බේ නැත්නම් අපිත් පාරට බහිනවා. හැබැයි මේ තියෙන අර්බුදය තුළ ආණ්ඩුවට හුස්ම ගන්න පොඩි කාලයක් දිය යුතුයි කියන තැන අපිත් ඉන්නවා.   


ප්‍රසමගි ජන බලවේගය ගැන මුකුත්ම කිව්වේ නෑ? ඇයි ‘ඩීල්’ එකක්ද?   


පිළිතුර:- ඡන්දෙදි බලමු කවුද දිනන්නේ කියලා. සජිත් ප්‍රේමදාස පච පච ගෑවට ඒ පක්ෂය ඇතුළේ බරපතළ අර්බුදයක් තියෙනවා. එයාට විරුද්ධව කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. චම්පික, වෙල්ගම වෙනම ඉන්නවා. ෆොන්සේකා වෙනම ඉන්නවා. හෙට අනිද්දට රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට කණ්ඩායමක් එන්න ඉන්නවා. ඒ නිසා ඒ අය අපට අභියෝගයක් නොවෙයි. නාවලපිටියෙ රැස්වීමට මිනිස්සු 300 යි. කොත්මලේ රැස්වීමට මිනිස්සු 500 යි. මහින්දානන්දගේ ‘පොකට් මීටින්’ එකක ඔයිට වඩා සෙනඟ ඉන්නවා. මාලිමාවටත් ඒ වගේ තමයි නුවර රැස්වීමක් තිබ්බා. නුවරඑළියෙත්, මාතලෙත්, අනුරාධපුරයෙත් බස්වලින් සෙනඟ ඇද්ද. පොලිසිය දම්මලා අපි බස් ගැන හෙව්වානේ. දිස්ත්‍රික් ගණනාවකින් සෙනඟ ගෙන්නුවා. මේවාට සල්ලි කොයින්ද? මේ සල්ලි අන්තවාදීන්ගෙන්ද ත්‍රස්තවාදීන්ගෙන්ද? බස්වලට විතරක් ලක්ෂ 50 කට වඩා වියදම්. මේ සල්ලි කොයින්ද කියලා ජනතාව හොයන්න ඕනෑ.   


ප්‍රඅගරදගුරුතුමා කිව්වා ‘පිටකොන්දක් තියෙනවා නම් මන්ත්‍රීධුරවලින් ඉවත්වෙලා මැතිවරණයකට එන්න’ කියලා.   


පිළිතුර:- මම අගරදගුරුතුමා ගැන කතා කරන්නේ නෑ. එතුමට තිබුණ ගෞරවය මේ රටේ, එතුමා විනාශ කරගෙන ඉවරයි. ඒ නිසා එතුමා තමන්ගේ ආගමික කටයුතු කරගෙන හිටිය නම් හොඳයි.   


ප්‍රඔබ රට යන්න ගියා. නමුත් ගුවන්තොටුපළින් හරවලා එව්වා. මොකද වුණේ?   


පිළිතුර:- ඒක පිටිපස්සේ එක්තරා දේශපාලන පක්ෂයක් ඉන්නවා. ඒ ගැන පරීක්ෂණයක් කරනවා.   


ප්‍රමොකක්ද ඒ දේශපාලන පක්ෂය?   


පිළිතුර:- පරීක්ෂණ යනවනේ. ඒක ඉවර වුණාම රටම දැනගනීවි. මතුගම පාතාලයකුගේ නමක් මගේ නමින් එන්ටර් කරලා. මේක පිටිපස්සේ එක්තරා දේශපාලන පක්ෂයක වෘත්තීය සමිතියක් ඉන්නවා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ තොරතුරු හරියටම මම රටට දෙන්නම්.


ප්‍රකොහොමද සිද්ධිය වුණේ  


පිළිතුර- මම තායිලන්තෙට යන්න ගුවන් තොටුපොළේදී අවශ්‍ය නීතිමය කටයුතු සියලු දේවල් කළා. මගේ බැගේජ් පවා අරගෙන සියල්ල කරලා තිබුණා.  


ගුවන් යානයට ගොඩවෙන්න සුළු වෙලාවක් තියෙද්දී ‘‘මට යන්න බැහැ. තහනම් නියෝගයක් තියෙනවා කිව්වා’’.  


මම කිව්වා එහෙම එකක් නැහැ. කොහේද පොලිසිය කියල ඇහුවම. මේක මතුගම සිද්ධියකට සම්බන්ධයි කිව්වා. මම මතුගම පොලිසියට කතා කළා. එහෙම දෙයක් නැහැ. මම මතුගමට ගිහිල්ල තියෙන්නෙත් එකම එක වතාවයි. මතුගම ප්‍රදේශයට උසාවි 7ක් තියෙනවා. ඒවයේ මට විරුද්ධව කිසිම පැමිණිල්ලක් නැහැ. අන්තිමට මගේ බැගේජ අරගෙන හැරිල ආවා.  


ප්‍රඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ.  


පිළිතුර- මගේ නමට සම්බන්ධ නමක්වත් තිබුණෙ නැහැ. ගුවන්තොටුපොළේ ඒ සිස්ටම් එක චෙක් කරන්නෙ එකම කාන්තාවක් පමණයි. පාස්වර්ඩ් එක තියෙන්නෙ එයාගෙ ළඟ විතරයි. එයාට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. අවශ්‍ය නම් කෙනෙක් යන වෙලාවට සිස්ටම් එක බ්ලොක් කරන්නත් පුළුවන්. දැන් ඇයගෙ වැඩ තහනම් කරල තියෙනවා. පරීක්ෂණයක් පැවැත්වෙනවා.  


මතුගම ප්‍රදේශයේ අපරාධකාරයකුගේ නම සමග මගේ නම පටලවලා වාගෙයි පෙනෙන්නෙ. පරීක්ෂණයෙන් සියල්ල හෙළිවේවි. 

 

 

 සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්