අලි වන්දිය ’’ වැඩි කිරීමට යයි


(සුජිත් හේවාජුලිගේ )

වන අලි පහරදීමකින් මියයන පුද්ගලයකු වෙනුවෙන් ඔහුගේ ඥාතීන්ට මෙතෙක් ලබා දෙන රුපියල් ලක්ෂ පහේ වන්දි මුදල රුපියල් දස ලක්ෂය දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.

මෙයට අමතරව වන අලි පහරදීම්වලින් දේපළ හානි සිදුවන පුද්ගලයෙකුට දෙන රුපියල් ලක්ෂයේ වන්දි මුදල රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමටද කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි ඔහු සඳහන් කළේය.

බොහෝ පාර්ශවවලින් ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි සඳහන් වේ.