(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන අටක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවනු ලැබ තිබේ.
මෙම ආයතන තුන සති තුනක කාලයක් තුළ කැඳවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද දිනයේ ඒ වෙත කැඳවා තිබූ අතර ලංකා සතොස හෙට දිනයේදීත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනිද්දා දිනයේදීත් ඒ වෙත කැඳවනු ලැබ තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම මස 23 වැනිදා කමිටුව හමුවට පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැප්තැම්බර් 3 වැනිදාත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව 4 වැනිදා, මහජන බැංකුව 5 වැනිදා සහ පරමාණුක බලශක්ති අධිකාරිය 6 වැනිදාත් ඒ හමුවට කැඳවනු ලැබ ඇත.