වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.
ප්‍රදේශයේ ආගමික සහ සමාජ සේවාවන් සඳහා දැඩි ඕනෑකමින් සහ කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේ විශේෂයෙන් පිරිත් දේශනා, බෝධි පූජා, සහ ධර්ම දේශනා සදහා ඉතාමත් දක්ෂ හිමිනමක් ලෙස ප්‍රසිද්ධියක් ලැබ සිටියහ.
උන්වහන්සේ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (5 ) දින රාත්‍රී අපවත් වූහ.
අපවත් වන විට පනස් හයේ (56 ) වියේ පසු විය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබෙන අතර ආදාහන පූජෝත්සවය අද (8) පස්වරුවේදී මිදිගම තුර්කි ගම්මානයේ ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට නියමිත බව ආදාහන පූජෝත්සව කමිටුව පැවසුහ .

