
(මහේෂ් කිර්තිරත්න )
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙල් කුමාරි විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය .
සිව් දරු මවක වන ඇය මිය යන විට 58 වියෙහි පසුවාය. දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මියගේ සහෝදරිය ද වේ.
ලග්ගල හිටපු මන්ත්‍රී ,හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය විජේරත්න බණ්ඩා මහතාගේ දියණියකද වන මානෙල් විජේරත්න මහත්මිය කලක් ගුරු වෘත්තියේ නියැලී පසුව සහකාර විදුහල්පති ධුරයේද කටයුතු කළාය.
දේහය ලග්ගල කළුගඟ නිවසේ තැන්පත් කර ඇතිඅතර අවසන් කටයුතු 29 දින පස්වරු 2 ට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ .

