පර් සි ක්‍රිකට් පිටියට සදහටම සමුදෙයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පර් සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ මහතා පසුගිය කාලයේ රෝගාතුරව සිටි අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.