(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ හිටපු කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර මහතා අද (13) අලුයම් කාලයේ දී හදිසි හෘදයාබාධයකින් කරාපිටිය ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
කරන්දෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායක වන අභාවපාප්ත ජයවීර මහතා කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු අයෙකි.
මිය යන විට ජයවීර මහතා 55 වැනි වියේ පසුවූ තිදරු පියෙකි.
මහජන ගෞරවය සදහා ජයවීර මහතාගේ දේහය ඌරගහස්මංහන්දිය උතුරු මාගල සිය නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට (15) පස්වරු 5 ට ඌරගස්මංහන්දිය උතුරු මාගල පවුලේ සුසාන භූමියේ දී සිදු කෙරේ.

