මෙරට රාජ්‍ය ආයතනවල පාවිච්චියට ගැනීමට නොහැකි යැයි භාවිතයෙන් ඉවත් කරන දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි, බස් රථ, වෙනත් මෝටර් රථ, ඇතැම් යන්ත්‍ර උපකරණ අදාළ ආයතනය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් මැදිහත්ව අලුත්වැඩියා කර පාවිච්චියට ගත් අවස්ථා ඉතිහාසය පුරා ඕනෑ තරම් දැකගත හැකි විය. එම කිසිදු තනි අවස්ථාවක රුපියල් කෝටි 100 ක් ඉක්මවූ වටිනාකමින් යුත් උපකරණ හෝ වාහන අලුත්වැඩියා කර පාවිච්චි කළ අවස්ථාවක් නොතිබුණි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහත් හිසරදයක්ව ඇති ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පාලනය වන කැලණිතිස්ස විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න ඇතුළු ඉංජිනේරු කණ්ඩායම කෝටි 140 ක් වැය කර අලුතෙන් මිලදී ගතයුතු යැයි නිර්දේශ කර තිබූ වායු තල බඹන යන්ත්‍රයේ විදුලි ජනකය අලුත්වැඩියා කර රුපියල් කෝටි 140ක දැවැන්ත මුදල් ජාතියට ඉතිරි කර දීමට සමත්ව තිබේ.
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ මෙගාවොට් 110 ක ධාරිතාවයකින් යුතු වායු තල බඹන යන්ත්‍රයේ විදුලි ජනකය අලුත්වැඩියා කළ නොහැකි බව එහි නිෂ්පාදක සමාගම නිර්දේශ කර තිබූ අතර, එම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ දී අලුත්වැඩියා කළ නොහැකි යැයි ද නිෂ්පාදන සමාගම වැඩිදුරටත් සඳහන් නිර්දේශ කර තිබුණි.
නිෂ්පාදන සමාගම දෝෂසහගත විදුලි ජනකය වෙනුවට නව විදුලි ජනන යන්ත්‍රයක් වහාම ස්ථාපනය කළ යුතු බව නිර්දේශ කර තිබූ අතර, එහි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 1.4 ක් හෙවත් රුපියල් කෝටි 140 ක් විය.
එම ඇස්තමේන්තුවත් සමග කැලණිතිස්ස බලාගාරයේ ඉංජිනේරුවෝ ඉංජිනේරුවේදයේ සන්ධිස්ථානයක් බඳු ජයග්‍රහණයක් සඳහා වැඩ ආරම්භ කළ බවත්, එය ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්‍රයේ දක්ෂතාව, කැපවීම සහ හැකියාවට කදිම උදාහරණයක් බවත් ඉංජිනේරු ධම්මික විමලරත්න “ඉරිදා ලංකාදීප‘ය”ට පැවසීය.
පරීක්ෂණ සහ නඩත්තු කටයුතු සඳහා ජනන යන්ත්‍රය පිටරට යැවීම මෙගාවොට් 165 ක ධාරිතාවයෙන් යුත් කැලණිතිස්ස බලාගාරය ජාතික විදුලිබල පද්ධතියෙන් දීර්ඝ කාලයකට ඉවත් කිරීමට සිදුවන බවත්, එම විදුලි බලාගාරය මෙරට තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් වන නැප්තා ඉන්ධනයෙන් ක්‍රියා කරන එකම විදුලි බලාගාරය ද වන බවත්, ඒ මහතා කීය.
කැලණිතිස්ස බලාගාරය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට පසු ලංකාවේ වඩාත්ම අඩු වියදම් තාප බලාගාරය වන අතර විදුලි ඒකකයක් සඳහා රුපියල් 33-36ත් ක වියදමක් පමණක් වැය වන බව කී ධම්මික විමලරත්න - එබැවින් මෙහි දීර්ඝ කාලීන බිඳවැටීමක් හෝ නඩත්තු සඳහා විදුලි නිෂ්පාදනය අත්හිටවුව හොත් බරපතළ ආර්ථික අවාසියක් සහ බෙදාහැරීම් පද්ධතියේ ස්ථායිතාව පිළිබඳව තාක්ෂණික ගැටලු ඇති කරන බව ද සඳහන් කළේය.
ඔවුහු ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය සමග සාකච්ඡා කර දින 45 ක නඩත්තු කාලයක් ලබාගත් අතර, ජාතික පද්ධතියට අවම බලපෑමක් වන ලෙස උපරිම ජල විදුලි නිෂ්පාදනයක් සහිත වැසි කාලයේ දී නඩත්තු කටයුත්ත යොදා ගත්හ. අදාළ විදුලි ජනක යන්ත්‍රයේ නිෂ්පාදන සමාගම ජනන යන්ත්‍රය ලංකාවේ දී අලුත්වැඩියා කළ නොහැකි බව ප්‍රකාශ කර තිබියදී ත්, ඉංජිනේරු කණ්ඩායම එම අපූර්ව කටයුත්තට අත ගැසූහ. තාක්ෂණික උපදෙස්, අන්තර්ජාතික ඉංජිනේරු ක්‍රමවේද සහ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ඔවුහු මෙම භාරදූර කාර්ය සාර්ථකව නිම කළහ.
මෙම බරපතළ අභියෝගයට මුහුණ දුන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ඉංජිනේරුවෝ එහි ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්නගේ නායකත්වය යටතේ නිර්භීත බව, දක්ෂතාව, කැපවීම සහ හැකියාව ප්‍රදර්ශනය කළහ. එය මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණික හැකියාව මනාවට පිළිබිඹු වුණ අවස්ථාවකි.
ඔවුහු ජාතික පද්ධති පාලන මධ්‍යස්ථනය සමග සාකච්ඡා කර දින 45 ක නඩත්තු කාලයක් ලබාගත් අතර, ජාතික පද්ධතියට අවම බලපෑමක් වන ලෙස උපරිම ජල විදුලි නිෂ්පාදනයක් සහිත වැසි කාලයේ දී නඩත්තු කටයුත්ත යොදා ගත්හ. අදාළ විදුලි ජනක යන්ත්‍රයේ නිෂ්පාදන සමාගම ජනන යන්ත්‍රය ලංකාවේ දී අලුත්වැඩියා කළ නොහැකි බව ප්‍රකාශ කර තිබියදී ත්, ඉංජිනේරු කණ්ඩායම එම අපූර්ව කටයුත්තට අත ගැසූහ. තාක්ෂණික උපදෙස්, අන්තර්ජාතික ඉංජිනේරු ක්‍රමවේද සහ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ඔවුහු මෙම භාරදූර කාර්ය සාර්ථකව නිම කළහ. ජනන යන්ත්‍රය අලුත්වැඩියාවෙන් පසු එහි කම්පන මට්ටම් (Vibration Level ) මේ වර්ගයේ අලුත්ම ජනන යන්ත්‍රයක පැවතිය යුතු අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ඉතා උසස් මට්ටමකට ගෙන එනු ලැබීය. කම්පන මට්ටම් (Vibration Level ) වසර 23 ක් පැරණි ජනක යන්ත්‍රයක් වුවත්, නව යන්ත්‍රයක පැවතිය යුතු ප්‍රමාණයටම ළඟා කර ගැනීමට හැකිවීම එම ඉංජිනේරු කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.
මේ සුවිශේෂ කර්තව්‍යය ගණනය කළ අවදානම් ගැනීමට සහ ඒ හරහා ඉංජිනේරු ජයග්‍රහණ ලබාගැනීමට ඉංජිනේරුවන් සතු නැඹුරුව පෙන්නුම් කරයි. එම විදුලි ජනක යන්ත්‍රය අලුත්වැඩියාව රුපියල් කෝටි 140 ක් විදේශ මුදල් ලෙස මෙරටින් පිටවීම නතර කිරීම වඩාත් අගය කළ යුතු අතර කැලණිතිස්ස බලාගාරයේ ස්ථාවරත්වය සහ ජාතික විදුලිබල සුරක්ෂිතතාව රැකගැනීමට ද එම ඉංජිනේරු කණ්ඩායම සමත් විය.
බලාගාරය ස්ථායීව, විශ්වසනීයත්වය ක්‍රියා කරන අතර, අඩු වියදමකින් විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට එක් කරයි.
අනවශ්‍යය ප්‍රාග්ධන වියදම් වැළැක්වීම සහ දේශීය ඉංජිනේරු හැකියාව භාවිතයට ගැනීම තුළින් විදෙස් තාක්ෂණය මත රඳා නොපවතිමින් දේශීය කුසලතාවන් වෙත යොමු වීම විදුලිබල ක්ෂේත්‍රයට පමණක් නොව සමස්ත ආර්ථිකයටම යහපත් ප්‍රතිඵල ගෙනදෙන බව කැලණිතිස්ස විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න ඇතුළු කණ්ඩායම ලෝකයටම ආදර්ශයක් ප්‍රදර්ශනය කළේය.
එම කණ්ඩායම ජයග්‍රහණය කළ නොහැකි දේ ලෙස හඳුනා ගත් දේ ඉටුකර ජයගැනීමට දේශීය තාක්ෂණික කුසලතාවයේ, නිර්මාණශීලීත්වයේ සහ අධිෂ්ඨානයේ ඇති වැදගත්කම ඉස්මතු කරයි.
මේ සන්ධිස්ථානය ලංකා විදුලිබල මණ්ඩලයට අත්වුණු ගෞරවයක් පමණක් නොවේ. එය සමස්ත ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්‍රයටම නව ඉලක්කයක් ලබාදෙයි. ඒ ආත්ම විශ්වාසය, නිර්මාණශීලීත්වය සහ සහයෝගීතාවය හරහා අතිශය දුෂ්කර අභියෝග පවා ජයගත හැකි බව සනාථ කිරීමකි.
මේ ජයග්‍රහණය හුදු අලුත්වැඩියාවක් පමණක් නොවේ. එය මහා ධනස්කන්ධයක් රටට ඉතිරි කළ, ස්ථාවරත්වය සුරක්ෂිත කළ, දේශීය ඉංජිනේරු හැකියාවන් මත රඳාපැවතිය හැකි බව සනාථ කළ ජාතියේ විජයග්‍රහණයකි.
යොහාන් භාසුර