(නිමල කොඩිතුවක්කු)
තමන් පක්ෂ මාරු කරත් කිසිවිටෙක ප්‍රතිපත්ති මාරු නොකළ බවත් හෙට අවශ්‍ය නම් හෙටත් තමන් දැන් සිටින පක්ෂය මාරු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය.
එකම පක්ෂය ලැග සිටීමට මේ රටේ කිසිදු පක්ෂයක් උත්තරීතර නොවන බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.
පක්ෂ වෙනුවට තමන්ගේ ප්‍රතිපත්තිය මත පිහිටා දේශපාලඥයන් කටයුතු කළ යුතු බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
වත්මන් රජය පෙරළීමට තමන් දැන්ම කලබල නොවන බවත් ඒ සඳහා දින වකවානු සැලසුම් කර ඇති බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය

