(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ පොල්තෙල් මාෆියාවක් ඇති බවත් කිසිවකුට බදු අඩුකර පොල්තෙල් ආනයනය කිරීමට ඉඩ නොතබන බවත් පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනට පසුගිය වසරේ දෙසැම්බර් මස කැබිනට් පත්‍රකාවක් යොමු කළ ද එයට මේ දක්වා අනුමැතිය නොලැබීම ප්‍රශ්නයක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පොල්තෙල් ආනයනය කර ඉන් පසුව බදු අඩුකිරීමක් කිසිවකු බලාපොරොත්තු වන්නේ නම් එවැන්නක් සිදුනොවන බවත්ය.
අමුද්‍රව්‍ය ප්‍රශ්නය හේතුවෙන් දේශීය සාම්ප්‍රදායික පොල්තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී පොල්තෙල් මිල තව දුරටත් ඉහළ යා හැකි බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

