(රංජන් කස්තුරි)
මේ වසරේ ශ්‍රී ලංකාවේ මාසික අපනයන ඉපැයීම් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ අපනහන ඉපැයීම් ඉහළ ගොස් ඇති බවද 2020 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 837ක්ව පැවති මාසික අපනයන ඉපැයීම් මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 985ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව කියයි.
විශේෂයෙන් ඉකුත් ජූනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මාසික අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1064 දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබූ බවද මහබැංකුව කියයි.
එහෙත් ඉකුත් කාලයේදී අපනයන ඉපැයීම්වල මුළු ආදායම ශ්‍රී ලංකාවට ලැබී නොමැති බවද ඒ නිසා මුළු ඩොලර් ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය වී නැතැයිද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

