(සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා පළමු තොගය අද අලුයම ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබීය.
එම එන්නත් තොගයට මාත්‍රා 26,000ක් ඇතුළත් වෙයි.
ෆයිසර් එන්නත් තොගය නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ ගබඩාවක තැන්පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි
එම එන්නත් ඉතාම ඉක්මනින් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
(ජායාරූප: ටි.කේ.ජි කපිල)




