’’හාල්මැස්සෝ ‌නැතුව තෝරු මෝරු අල්ලන්න’’


 

(නිමල කොඩිතුවක්කු)

වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමැති රට තුළ ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ හාල්මැසන් වෙනුවට හැකිනම් තෝරු මෝරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටින බව  සමගි ජන බලවේගයේ  මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරිමට නම් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තෝරු මෝරු  අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු බවත් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම හරියාකාරව සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.