(අංජුල මහික වීරරත්න)
විදේශ රැකියා සඳහා පිටත්කර යවන ලයිස්තුවකට නම ඇතුළත් කරන බව පවසමින් මුදල් ලබාගැනීම දැන් ස්මාර්ට් හොරකමක් බවට පත්ව ඇති බැවින් එවැනි හොර තක්කඩින්ට හසු නොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
දැනට කොරියාව, ඊශ්‍රායලය හා යුරෝපීය රටවලට රැකියා සඳහා යවන බව පවසමින් සිදුවන වංචනික කටයුතු සම්බන්ධයෙන්ද නීතිවිරෝධිව විදේශ ගතවී කරදරයට පත්ව ඇති පිරිස් සම්බන්ධවද බොහෝ පැමිණිලි ඇති බව ඇති බව අමාත්‍යවරයා කීය.
සමාජය කොතරම් දැනුවත් කලත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව විදේශ රැකියා ජාවාරම්වලට මිනිසුන් හසුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
“රැකියා බලාපොරොත්තුවෙන් වැරදි ක්‍රමවලට විදේශ රටවලට ගිය අය තමයි අමාරුවේ වැටුණට පස්සේ තානාපති කාර්යාල ඉස්සරහට ඇවිත් විවේචනය කරන්නේ කොයිතරම් එපා කිව්වත් සංචාරක වීසා අරගෙන රැකියාවලට යනවා. එහෙම ගිහින් අමාරුවේ වැටිලා ආණ්ඩුවේ මුදල් වලින් ආයේ එනවා. යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

