’’විපක්ෂ නායක අගමැති ධුරයට පත් කරනවා’’


 

(අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ)පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව ද ජයසේකර මහතා කීය.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්  දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය .