(අංජුල මහික වීරරත්න)
අනුර ජනාධිපති කියන පොළවේ යථාර්ථය රනිල් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ගිවිසුමේ මහජනතාවට අහිතකර දේ ඉවත් කර ගැනීමට සහයෝගය ලබා දෙන්නට සූදානම් බව ද විපක්ෂ නායකවරයා කීය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.
රටට හොඳ වැඩසටහන් වලට සම්පූර්ණ සහයෝගය ලබාදෙන අතර රටට අහිතකර වැඩ සඳහා අප විරෝධය පළ කරන බව කිව යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව අසන්නට ලැබුණා.නමුත් එය උපයෝගී කරගෙන මේ වන විට පුරවැසි නිදහස අහිමි කර තිබෙනවා. එම පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණද? ඔබ ආණ්ඩුවට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල සහයෝගයක් ලැබුණා. නමුත් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.