(අංජුල මහික වීරරත්න)
රටකජු බෝගය ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 30,000ක් බවත් 2021 අවසන් වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 64,000ක් ඉක්මවා ඇතැයි රටකජු වගාව පිළිබඳව බෝග නායක එස්.එන්.පී. වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව රටකජු ප්‍රභේදයක් වන ලංකා ජම්බෝ නැමැති රට කජු ප්‍රභේදය නිසා ජම්බෝ පීනට්ස් නිෂ්පාදනයට පිටරටින් ආනයනය කරනු ලබන තොග පවා අත්හිටුවීමට මේ නිසා හැකි වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.