’’රංජිත් බණ්ඩාර ඉන්නව නම් මං එන්නෙ නෑ’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රංජිත් බණ්ඩාර මහතාගේ කෝප් කමිටු සභාපතිත්වයෙන් ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට තමා සූදානම් නැතැයි කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ පුතා කෝප් කමිටුවේ වාඩි කරගෙන සිටින බව විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු ඇතිවූ සංවාදයේදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.