
(අංජුල මහික වීරරත්න)
මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියකු වු පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානා හිමියෝ ගුණ සැමරුම් උත්සවයේ මුලසුන හෙඹවූහ.
මෙහි ප්‍රධාන දේශනය “පරිසරය සහ සංවර්ධනය” මැයෙන් පරිසර පද්ධති විද්‍යාඥ මහාචාර්ය රනිල් සේනානායක මහතා විසින් සිදු කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හිටපු කථානායක කරූ ජයසූරිය පිලිප් ගුණවර්ධන පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.


