’’බිඳුණු මාතෘ භූමියක් ගොඩනැගීමට විසඳුම’’


"බිඳුණු මාතෘ භූමියක් ගොඩනැගීමට විසඳුම" යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, විධායක සභිකයින් වන ලාල් විජේනායක, වෛද්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.