
(අංජුල මහික වීරරත්න)
වසර 14කට පසුව හුංගම බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ නීත්‍යානුකුල අයිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.
මෙම උද්‍යානය මෙතෙක් අයත්ව තිබුනේ මහවැලි අධිකාරියටය. අවස්ථා කිහිපයකදීම මෙම උද්‍යානය පිළිබඳ අයිතිය කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීමට කටයුතු කළ ද එය ඉටු කර ගැනීමට නොහැකි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීමක් පරිදි හා සිදු කළ සාකච්ඡා අනුව බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේ නීත්‍යානුකූල අයිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.
මීට අදාල ඔප්පුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂිකා ආචාර්ය සාමන්ති වාසල මහත්මියට බටඅත AgriTech-24 කෘෂිතාක්ෂණික ප්‍රදර්ශන භූමියේ දී බාර දෙනු ලැබීය.

