(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හෙට අනිද්දා පරාටේ නීතිය ක්‍රියාත්මක කොට ව්‍යවසායකයන් හොම්බෙන් යවන්න හදන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(ස.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
රේගුවේ බහාලුම් නිදහස් කිරීම මහ බැංකු හොරකමට ඉතා සමානයි. මහ බැංකු හොරකමේ ඉලක්කම් තියෙනවා. මේකේ ඉලක්කම් වත් නැහැ.මේ රටේ මිනිස්සු වචන ගොන්නකට හිරවෙලා දේශපාලනය කරනවා නම් ඒක මිනිසුන් රැවටීමක්.අපේ මේ රට ඉදිරියට නොගියේ පාලකයන් ගෝලීය ප්‍රවණතා වලට සංවේදී නොවී ග්‍රාමීය තැනක සිට කටයුතු කිරීම නිසයි.නමුත් ග්‍රාමීය තැනක සිට අද යාචක තැනකට රට ගෙනැත් තිබෙනවා නම් අප මේ අවසාන හෝරාව බව සිතාගත යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.