’’චන්ද්‍රයාන්’’ ජයට ජනපති මෝදිට සුබ පතයි


(අංජුල මහික වීරරත්න)

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බවත්, මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාවන් දිරිමත් කරනක් බවත්ය .