’’ගාසා ළමා අරමුදලට ’’ ලංකාවෙන් ආධාර


(අංජුල මහික වීරරත්න)

ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහන සැලසීමට "ගාසා හි ළමා අරමුදල" නිර්මාණය කිරීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය. 

 සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වන ලෙසට නියෝග කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

 පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා රජය විසින් ඩොලර් මිලියන 1 ක පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරින බවද ජනාධිපති කාර්යාලය කියයි.