
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමහර කාල වලදී ලංගම බස් රථ පුච්චා දැමූ යුග තිබුණා.ඒවා ජාතිකික අපරාධ යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ප්‍රවාහන සේවය අද වනවිට අභ්‍යාවකාශය දක්වා විකාශනය වී තිබෙනවා.ජාතික ගමනා ගමන කොමිසමට ගෙනෙන මෙම සංශෝධන ඉතා කාලෝචිත බව කිව යුතුයි.ඒ ගැන අපට කිසිම විවේචනයක් නෑ.මෙතෙක් අන්තර් පළාත් අතර බස් රථ පමණක් නියාමනයට ලක්වුණා. මේ සංශෝධනයෙන් පසු බස් රථ පමණක් නොව සියළුම පොදු ප්‍රවාහන සේවා නියාමනයට ලක්වෙනවා.
එය හොඳ දෙයක්.පාසල් සේවා නියාමනයට ලක් වෙනවා.ත්‍රී රෝද රථ කුලී රථ ආදී සියල්ල නියාමනයට ලක් කරන්න මේ සංශෝධනය හරහා හැකියාව ලැබෙනවා. මේ සංශෝධන ගැන සතුටු වුවත් පොදුවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තිබෙනවා.රටේ මොන පළාතකට ගියත් මගී බස් රථවලත් දුම්රියේත් තෙරපෙමින් අනාරක්ෂිතව ගමනාන්තයට යන මගීන් දිනපතා දකින්න පුළුවන්"

