’’ආණ්ඩුව ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කරනවා’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව බත්තරමුල්ලේ දී කළ උද්ඝෝෂණයේ දී 31දෙනෙක් අත්අඩංගුවට ගැනීම ඒකාධිපති ආඥාදායක පාලනයක් ක්‍රියාත්මක වන බවට පැහැදිලි සාක්ෂියක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මෙි සම්බන්ධයෙන් කණගාටු විය යුතු අතරම ලැජ්ජා විය යුතුව තිබෙන බව කී ප්‍රේමදාස මහතා ජනතා ප්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුව අද මූලික අයිතිවාසිකම් ද අමතක කර මර්දනය ක්‍රියාත්මක කරන බව කීය.

අත්අඩංගුවට ගත් පිරිස ඈත පළාතක නිරෝධායනයට යැවීමට සූදානම් වන බව ආරංචියැයි ද ආණ්ඩුවේ මර්ධනයේ අලුත්ම මුහුණුවර එය බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.