’’අපි ජනකට චරිත සහතික දෙන්නේ නෑ’’


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"මයික් ටයිසන්" පත්කරපු ආණ්ඩුවටම "මයික් ටයිසන්"එපා වෙන්නේ ඔහු විදුලිබිල වැඩි කරන්න විරුද්ධ වුණාට පස්සේ යැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනක රත්නායක ගැන කිසිම චරිත සහතිකයක් දෙන්න ජාතික ජන  බලවේගයට උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීය.

ජනක රත්නායක කොමිසමේ සභාපති වෙන්න කලින් ඔහු ආණ්ඩුවේ මූල්‍ය ආයතන වල සභාපති කම් දැරූ බව කී හේරත් මහතා ඔහු ආණ්ඩුවට එපා වූයේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ විදුලි බිල වැඩි කිරීම ඔහු යටතේ ක්‍රියාත්මක කරන්න බැරි වූ නිසා බව පැවසීය.