
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අද ක්‍රියාත්මක වන්නේ ටොම්පච ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නැතැයිද හෙතෙම චෝදනා කළේය ඔහු මෙසේ පැවසුවේ අධිකරණ සහ විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
මේ රජයට මුල අමතක වී ඇතැයි සඳහන් කළ විපක්ෂනායකවරයා මාලිමාවට ඡන්දය දුන් ගුරුවරුන් අමතක කර ඇතැයිද සඳහන් කළේය. ගුරුවරුන්ගේ තුනෙන් දෙකේ වැඩිවීම නොකළ බවද ඔහු ප්‍රකාශ කළේය.

