’’ රට වෙනුවෙන් හොඳම ගිවිසුමට යන්න අපි සහාය දෙනවා’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

රට වෙනුවෙන් හොඳම ගිවිසුම ලබා ගන්නට විපක්ෂය සහයෝගය දෙන බව  විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 රටේ අපනයන වලින් 26.4%ක ගමනාන්තයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හැඳින්විය හැකි බව කී විපක්ෂ නායකවරයා ඇගලුම් ක්ෂේත්‍රයේ ද 60%ක ගමනාන්තය ඇමෙරිකාව බව කීය.

"මෙම බදු පැනවීම 44% සිට 30% දක්වා අඩු වීම හොඳ වුවත් අප සමග අපනයන තරඟකාරීත්වය ඇති රටවල් සමඟ සාපේක්ෂාව ලැබූ බදු සහන ගැනත් සිතිය යුතුයි.

ජපානය 25%ක්, මෝල්ඩෝව 25%ක් බෘනයි 25%ක් ද.කොරියාව සහ කසකස්ථාන් ද 25%ක්, ඉන්දියාව 26%ක් දක්වා බදු අඩු කර ගෙන ඇති බවද විපක්ෂ නායකවරයා කීය.