
(සුජිත් හේවාජුලිගේ)
ගමට සන්නිවේදනය ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 10 ක අන්තර්ජාල(බ්‍රෝඩ් බෑන්ඩ්) ආවරණ මේවසර අවසන්වීමට පෙර සියයට සියයක් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවැසීය.
විදුලි සංදේශ සංවර්ධන ගාස්තු දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීම ජනාධිපතිවරයාගේ ඉලක්කය බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ " ගමට සන්නිවේදනය" තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ලබන වසර අවසන්වීමට පෙර දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවසුවේය.
සන්නිවේදන සේවා සපයන්නන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි පැවසූ සේනානායක මහතා මෙලෙස ඉදිකෙරෙන කුළුනු සඳහා සියයට 50 ක වැය බරක් විදුලිසංදේශ අරමුදල දරන බවද පෙන්වා දුන්නේය.
සියලු පාසල්වල මාර්ගගත අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා ෆයිබර් පහසුකම්හඳුන්වාදීමටද කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර විදුලි සංදේශ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් පවතින ගැටළු නිරාකරණයට එය ලොකු පිටුවහලක් වනු ඇති බවත් ඕෂධ සේනානායක මහතා පැවසීය.
මේ අවස්ථාවට ගම සන්නිවේදන ව්‍යාප්තියේ අධ්‍යක්ෂ ශ්‍රියානි මාවැල්ලගේ මහත්මිය සහ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ

